Sunday, April 27, 2025

90 දශකයේ වැඩිම වැටුප් ලැබු බොලිවුඩ් නිළියන්

Published:

1980 දශකයේ ආරම්භයේදී හේමා මාලිනී, රේඛා, සීනත් අමන්, පර්වීන් බාබි සහ මීනාක්ෂි ශේෂාද්‍රී යන නිළියන් බොලිවුඩ් සිනමා කර්මාන්තය පාලනය කරමින් සිටියද 1983 වසරේදී “හිම්මාට්වාලා” ච්ත්‍රපටය නිකුත් වු පසු මෙම පාලනය හදිසියේම වෙනස් විය. එහිදි 80 දශකයේ බලවත්ම නිළි යුගලය වු හේමා සහ රේඛා බලයෙන් පහකරන ලද අතර දිවංගත ශ්‍රීදේවි බොක්ස් ඔෆිස් හි තනි අධිරාජණිය බවට පත්විය. ඇගේ චිත්‍රපට සියල්ලම එම යුගයේ ජනප්‍රිය විය. ශ්‍රීදේවි මෙහිදි ජය ප්‍රදා සහ මීනාක්ෂි වෙතින් සුළු තරඟයකට මුහුණ දුන්නද 1985 දී ඇය පැහැදිලිවම “සද්මා” චිත්‍රපටයේ තීරණාත්මක සාර්ථකත්වය සමඟ බොලිවුඩයේ අවිවාදිත කාන්තා සුපිරි තරුව බවට පත්විය. 1986 දී තිරගත වු සුපිරි සාර්ථක චිත්‍රපටයක් වන “නාගිනා”ට ඇයට ගෙවා තිබුණේ රුපියල් ලක්ෂ 40 ක මුදලකි. එය එම යුගයේ වැඩිම වැටුප් ලබන පිරිමි සුපිරි තරුව වන අමිතාබ් බච්චන් ට වඩා ලක්ෂ 10 ක් අඩුය. “Mr. ඉන්දියා” තිරගත වීමෙන් පසු ශ්‍රීදේවි සිය උපරිමයට පැමිණ බොලිවුඩයේ විශාලතම සුපිරි තරුව බවට පත්විය. අමිතාබ් සහ ශ්‍රීදේව් යන දෙදෙනාම චිත්‍රපටයකට රුපියල් ලක්ෂ 60 ක් පමණ අය කරමින් සිටි නිසා ඇයව “ෆිමේල් බච්චන්” ලෙස සිනමා සඟරා තුළ හඳුන්වන ලදී.
නමුත් 1988 දී, මධුරි ඩික්සිත්ගේ සම්ප්‍රාප්තික ගීතය වන “ඒක් දෝ ටීන්” එම වසරේ ජනප්‍රියම ගීතය බවට පත් වූ අතර “තේසාබ්” බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ සාර්ථකත්වයට මධුරි විශාල දායකත්වයක් ලබා දුන් විට ක්‍රීඩාව නැවත වෙනස් විය. එම වසරේදීම අතිසාර්ථක වු “කයාමාත් සේ කයාමාත් තක්” ච්ත්‍රපටය සමඟ ජුහී චවුලාද එක රැයින් තරුවක් බවට පත්විය. ඉන්පසු ශ්‍රීදේවි, ජුහී සහ මධුරි යන දෙදෙනාගේම තරඟයට මුහුණ දීමට පටන් ගත්තේය.

  • නමුත් ඊළඟට සිදුවුයේ කුමක්ද?
    1991 සිට 1993 දක්වා: ශ්‍රීදේවි තවමත් ප්‍රස්ථාරය පාලනය කරමින් සිටියද මධුරිගේ සහ ජුහීගේ ජනප්‍රියත්වය කෙමෙන් ඉහළ ගියේය. මෙම කාලයේදී ශ්‍රීදේවි සහ මධුරි අතර දැඩි තරඟකාරිත්වයක් දක්නට ලැබුණද, 1990 සිට 1992 දක්වා මධුරි සුපිරි බ්ලොක්බස්ටර් ච්ත්‍රපට ලබා දෙමින් සිටියද, අනෙක් අතට, අඛණ්ඩ අසාර්ථකත්වය සහ ච්ත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරිම නිසා ශ්‍රීදේවිගේ වෘත්තිය පිරිහෙමින් පැවතුණි. කෙසෙනමුත් ශ්‍රීදේව්ගේ “ලැම්හේ” සහ “කුදා ගවා” වැනි චිත්‍රපට සඳහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ විචාරක පැසසුම්ද හිමි විය.
    තවමත් ශ්‍රීදේවි වැඩිම වැටුප් ලබන සුපිරි තරුව වූ අතර චිත්‍රපටයකට ලක්ෂ 50 ත් 60 ත් අතර මුදලක් ඇයට ලැබෙමින් තිබුණ. (ඉන්දීය බොක්ස් ඔෆිස් ජාලයේ ලක්ෂ 30 ක් ගැන සඳහන් වුවද මෙම දත්ත බෙදාහරින්නන්ගේ සහ ච්ත්‍රපට නිෂ්පාදකයන්ගේ පොත් තබා ගැනීමේ වාර්තාවලට අනුව ශ්‍රීදේවි හට ලක්ෂ 50 ත් 60 ත් අතර මුදලක් ගෙවා ඇත)
    අනෙක් අතට මධුරි ඩික්සිත්ට චිත්‍රපටයකට ලක්ෂ 30 සිට 45 දක්වා මේ යුගයේ ගෙවා ඇත. “සාජන්”, “දිල්”, “බේටා” සහ “ඛල්නායැක්” වැනි පිට පිට තැබු ච්ත්‍රපටවල බ්ලොක්බස්ටර් වාර්තා හේතුවෙන් මධුරි අංක එකේ නිළිය විය.
    ශ්‍රීදේවි හට සැබෑ තර්ජනයක් වූ තවත් තරුණ නිළියක් මේ සමයේ සිනමාවට පැමිණියාය. ඇය වෙන කවුරුත් නොව “දිව්‍යා භාරතී” ය. ඇයගේ අසීමිත ජනප්‍රියත්වය හේතුවෙන් එක් චිත්‍රපටයකට ඇයට ලක්ෂ 20 සිට 30 දක්වා මුදලක් ගෙවා තිබුණි. ඇයගේ හදිසි අභාවය, මේ කතාව අවසන් කර තිබුණි.
    1990 සිට 1992 දක්වා ජුහී චව්ලා ස්ථිතික මුදලක් අය කරමින් සිටියේය. ඇය මේ කාලවකවානුවේදී චිත්‍රපටයකට ලක්ෂ 15ක් අය කරමින් සිටියේය. නමුත් 1993 දී ඇය යළි හිස ඔසවා සුපිරි තරුව බවට පත්වූයේ “ඩාර්”, “හම් හේන් රාහි ප්යාර් කේ” සහ “ලූටෙයර්” වැනි අතිසාර්ථක ච්ත්‍රපට නිසා ඇගේ ගාස්තුව ලක්ෂ 25 -35 දක්වා වැඩි කරමිනි.
  • 1994 සිට 1997 දක්වා: මධුරි අවසන් බොලිවුඩ් අධිරාජිණිය බවට පත්විය.
    මධුරි ඩික්සිත් ශ්‍රීදේවිගේ ආධිපත්‍යය මුළුමනින්ම මේ සමයේදී අත්පත් කරගන්නා ලදි. මෙම යුගය ජාත්‍යන්තර සිනමාවේ, බොලිවුඩයේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. මෙම කාල පරිච්ඡේදය තුළ මෙතෙක් පැවති විශාලතම බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් නිශ්පාදන විය. මෙම යුගය සිංගල්ප්ලෙක්ස් සිනමාහල්වල පරිණාමය බහුකාර්යයන් වෙත ගෙන එන ලදි. මෙම යුගයේ කාජල්, මනීෂා, කරිෂ්මා, රවීනා වැනි තරුණ නිළියන්ගේ දක්ෂතා ද කැපී පෙණින.
    1992 සිට 1995 දක්වා මධුරි සහ ජුහී ඉන්දීය සිනමාව පාලනය කළේය. ජුහී සහ මධුරි එකිනෙකාට නොදෙවෙනි ලෙස කර්මාන්තයේ තම ආදිපත්‍යන් තහවුරු කරගෙන සිටියේ ඔවුන් දෙදෙනාටම පමණක් ආවේනික වු දක්ශතා සිනමාවේ මුවහත් කරමිනි. මධුරි තම අපූරු රංග අභිනයන් විශ්මිත නර්තන ජවනිකා තුල මුසු කරමින් චිත්‍රපට රසවත් කරන කල්හී ජුහී, ඇයගේ ප්‍රභලම ආයුදය වු “කොමික් ටයිමින්” ‍චිත්‍රපට තුලට ගෙන ආවේ ලොකු කුඩා සැවොම චිත්‍රපට ශාලා තුලට ගෙන්වා ගනිමිනි.
    කෙසේ නමුත් මධුරි නිළි රැජිණ සිහසුන කරා යන විට ජුහි හට යුව රැජින ලෙස එම දශකයේ රැදි සිටිමට සිදු වුයේ මධුරිගේ අසීමිත ජනප්‍රියත්වය නිසාවෙනි. එබැවින් මෙම යුගයේ චිත්‍රපටයක් සාර්ථක කර ගත හැකි එකම සාධකය වූයේ මධුරි චිත්‍රපටයට සම්බන්ධ කරගැනීමයි. ජනප්‍රියත්වය, වැටුප සහ බොක්ස් ඔෆිස් යන සියලු පරාමිතීන් විසින් ඇය 1990 ගණන්වල අවිවාදිත විශාලතම සුපිරි තරුව බවට පත්විය. චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි සාර්ථක වුවද, “අංජම්” ච්ත්‍රපටය වෙනුවෙන් කෝටි 1 ක් අය කළ පළමු බොලිවුඩ් නිළිය බවට මධුරි ඩික්සිත් පත්විය.
    කතාව තවම අවසන් වී නැත, ඇගේ ඊළඟ නිකුතුව වන “හම් අප්කේ හේන් කෞන්!” එකල ඉහළම පිරිමි නළුවා නොසිටීමෙන් පසුව පවා බොලිවුඩයේ විශාලතම දළ ආදායම ලද ච්ත්‍රපටය බවට පත්විය. දත්ත වාර්තා අනුව මධුරිට රු. කෝටි 2.7 ක් මෙම ච්ත්‍රපටය සඳහා ලබා දී තිබේ. එබැවින් ඇය බොලිවුඩයේ වැඩිම වැටුප් ලබන සිනමා තරුව බවට පත්විය. අඛණ්ඩව ෆ්ලොප්ස් ලබා දෙමින් සිටි පිරිමි සුපිරි තරුවක් සමඟ රංගනයේ යෙදෙමින්, “රාජා” ච්ත්‍රපටය බ්ලොක්බස්ටර් කිරීමට මධුරිට හැකිවිය. මෙය සමස්ත විවාදයම අවසන් කළේය.
    1996 වර්ෂය බොක්ස් ඔෆිස් හි මධුරිට එතරම් සාර්ථක නොවීය. එසේ තිබියදීත් ඇගේ සියලුම පිරිමි නළුවන්ට වඩා ඇයට ගෙවනු ලැබීය. ෂාරුක් ඛාන්ට පවා 1996 දී “කොයිලා” සහ 1997 දී “දිල් ටු පැගල් හායි” හි මධුරිට වඩා අඩු වැටුපක් ලැබුණි.
    මුලදී, ජුහී චව්ලා 90 දශකයේ වැඩිම වැටුප් ලබන දෙවන සුපිරි තරුව වූ නමුත් එය මධුරි ඩික්සිත්ට වඩා බොහෝ දුර විය. 1994 දී ජූහීගේ ගාස්තුව ලක්ෂ 35 සිට ලක්ෂ 45 දක්වා විය. ජුහී වරෙක මධුරි හා සමව ජනප්‍රියත්වයේ ගමන් කලත් ඇය එම යුගයේ ච්ත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කල නිසා මධුරිගේ ස්ථානය සුරක්ෂිත විය. නමුත් නොසිතූ ලෙස “කරන් – අර්ජුන්” සහ “DDLJ” ච්ත්‍රපට වල සුපිරි සාර්ථකත්වය හේතුවෙන් කාජල් සුපිරි තරුවක් බවට පත්වූවා පමණක් නොව එය ඇය බොලිවුඩයේ තෙවැනි වැඩිම වැටුප් ලබන කාන්තා සුපිරි තරුව බවට පත්විය. කාජල් ඉන් පසු ලක්ෂ 50 සිට 70 දක්වා මුදලක් ච්ත්‍රපට සඳහා අයකරනු ලැබීය.
    “රාජා හින්දුස්ථානි” ච්ත්‍රපටය බ්ලොක්බස්ටර් කුණාටුවකට හසු වූ විට කරිෂ්මා කපූර් ද ඉහළම ලීගයට පිවිසියේය. ඇය චිත්‍රපටයකට රුපියල් ලක්ෂ 50 ත් 70 ත් අතර මුදලක් ලබා ගනිමින් සිටියාය. 1994 දී මනීෂා කොයිරාලගේ “Love Story 1942”, 1995 දී “අකේලේ හම් අකේලේ තුම්” සහ 1996 දී “කමෝෂි” ච්ත්‍රපට වල සාර්ථකත්වය මනීෂා කොයිරාලා එක රැයකින් තරුවක් බවට පත් කළ නමුත් ඇගේ ගාස්තු රු. ලක්ෂ 30ක් පමණක් විය.
    රවීනා තන්ඩන් “මෝහොරා” සහ “දිල්වාලේ” යන ජනප්‍රිය චිත්‍රපට ද්විත්වය සමඟ තරුවක් බවට පත්විය. ඇයගේ ගාස්තුව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 25 – 30ත් අතර දෝලනය විය.
spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img