හිමාල කඳු මුදුනක අඩි 18,753 (මීටර් 5,716) උසක සිට පැරෂුටයකින් පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන 34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන් සමත්ව තිබෙනවා. ඔහු මෙම පැනීමෙන් 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවා තිබූ අඩි 14,301 (මීටර් 4,359) උසින් වූ වාර්තාව අභිබවා ගොස් තිබෙනවා. පළමු උත්සාහය අසාර්ථක වූ පසු, ඔවුන් සුදුසු ස්ථානයක් සොයාගෙන මෙම අභියෝගය ජයගෙන තිබෙනවා.
ඔවුන් මෙම අභියෝගය භාර ගෙන ඇත්තේ, පුණ්‍ය කටයුතු සඳහා මුදල් එකතු කිරීමට සහ නේපාලයේ මිනිස් ජාවාරම් ගැටලුව පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.