Sunday, April 27, 2025

ෂාරුක්ගේ අසෝබන හැසිරීම

Published:

Locarno චිත්‍රපට උළෙලේ රතු පලසේදී ෂාරුක් ඛාන් ‘මහලු මිනිසෙක්’ තල්ලු කරයි..!!”

මෙය මේ දවස්වල ජනප්‍රිය වගේම ආන්දෝලනාත්මක සිදුවීමක මාතෘකාවක්.. මෙයට හේතුපාදක වෙන්නේ ගිය සෙනසුරාදා රුසියාවේ ලොකර්නෝ චිත්‍රපට උළෙලේදී කීර්තිමත් Pardo alla Carriera සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඉන්දියානුවා බවට SRK පත් විමත් සමගයි..

මේ උත්සවයේදී මුලින්ම ආන්දෝලනාත්මකව කතා බහට ලක් වන්නේ ඔහුගේ පිළිගැනීමේ කතාව සහ ෂාරුක්ගේ තරමක් වෙනස් වූ පෙණුම වන අතර, ඉන් පසුව ෂාරුක් රතු පලස මත දී සිදුකළ ක්‍රියාවක් නිසා මේ වනවිට සමාජ මාධ්‍යහරහා ඔහුට බොහෝ දෝෂාරෝපණ නගන්නට පටන් අරන් තියෙනවා..

X (කලින් ට්විටර්) හි වීඩියෝ පටයක ෂාරුක් රතු පලසේ සිට තනි ඡායාරූපයක් ලබා ගැනීම වෙනුවෙන් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලු කරන අයුරු පැහැදිලිව පෙනෙන සේ පෙනෙන්නට තිබෙන අතර, මේ පැහැදිලි වීඩියෝව නිසා මේ වන විට ෂාරුක්ගේ මේ හැසිරීමට චෝදනාව නගන්නට මිනිසුන් පටන්ගෙන තිබෙනවා..

නමුත් මේ වන විට ෂාරුක්ට “උඩඟු මිනිසා” ආදී නම් වලින් බනින පිරිසට අමතරව ෂාරුක් වෙනුවෙන් පෙනීසිටින ඔහුගේ රසිකයින්ද මෙයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබෙන්නේ ෂාරුක් ඒ වෙලාවේ ආතල් එකේ හිටිය නිසා ලග හිටිය අර මනුස්සයාව විහිළුවට වගේ තල්ලු කරන්න ඇති කියායි.. ඒ වගේම තවත් අය කියලා තිබුනේ ෂාඒ වයසක මිනිසාව ඔහුගේ දිගුකාලීන මිතුරෙක් බවයි..

කොහොම වෙතත් මේ මුළු උත්සවය පුරාම ෂාරුක් සිට තිබෙන්නේ ඉතා නොසන්සුන් අන්දමින් බවත් සමහරු පවසා තිබෙනවා..

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img