Saturday, April 26, 2025

රාජ TV ටෙලිකාස්ට් සමඟ එකතු වුනු “මාස්ටර් සර්” “අසිනි” – සවිනි යකුපිටිය

Published:

● සවිනි, ඉතින් මේ දවස් වල කොහොමද ? කාර්යබහුලයිද ?
කාර්යබහුලයි …. මාස්ටර් සර් එක්ක. ඒ නිසා කාර්යබහුලයි.

● අපි එක්ක පෞද්ගලික විස්තර ටිකක් බෙදා ගන්න කැමතිද ? පවුලේ කවුරු කවුරුද ඉන්නේ ?
මගේ පවුලේ ඉන්නේ මමයි, අක්කයි, අම්මයි. අප්පච්චි නැහැ. ඒත් මං කැමති නෑ එයා නෑ කියන්න. මට එයත් ඉන්නවා කියලයි මං හැම වෙලේම හිතන්නේ.

● සවිනිගේ කලා ජීවිතයට ඒ අයගේ සහයෝගය මොන වගේද ?
මුල් දවස් වල නම් අප්පච්චි අකමැති වුනා මං මේ ක්ෂේත්‍රයට එනවට. අම්මත් එහෙමයි. ඒ දෙන්නම අකමැති වුනා. ඒත් පස්සේ එයාලා තේරුනා මං ගොඩක් ආස කරනවා කියල රංගනයට. ඒ වගේම මගේ නිර්මාණ දකිනකොට එයලා ඒක තේරුම් ගත්තා. මට දුකයි මං අද ඉන්න තැන දකින්න අප්පච්චි නැති එකට. අම්මගෙයි අප්පච්චිගෙයි දෙන්නගෙම ශක්තිය දෙන්න අම්මා ඉන්නවා අද මගේ ළඟ. මේ දේවල් කරන් යන්න ලැබෙන ලොකුම සහයෝගය දෙන්නේ එයා.

● අලුත්ම ටෙලි නාට්‍ය “මාස්ටර් සර්” තුළ සවිනිගේ චරිතය මොන වගේද ?
අසිනි කියන චරිතය දැන් වර්තමානයේ ක්ලාස් යන තරුණ තරුණියන් අතරින් ම නොයෝජනය වෙන එක්තරා චරිතයක්. සමාජ මධ්‍ය වල නම් මේ දවස් වල බැනුම් අහන චරිතයක්. සර් කෙනෙක්ව බදා ගන්නවා. සර්ලට තියෙන ගරුත්වය නැති වෙනවා. ලමයෙක්ගේ තියෙන සීමාවෙන් එහා වැඩ කරනවා කියලා හිතලා බනිනවා. හැබැයි ඒ චරිතය ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. අසිනි කියන්නේ අවුරුදු 19 ගෑනු ලමයෙක්. ඒ ලෙවෙල් කරන. එයා ආදරේ කරන්න හිත යන්නේ ටිකක් වයසින් වැඩි පිරිමි අයට. ඒ කියන්නේ පරිණතභාවයක් තියෙන පිරිමි චරිතයකට. අසිනි එක වතාවක් ෆ්බ් හරහා මුණ ගැහුණු කෙනෙක්ට ආදරේ කරනවා. ඒ වගේම ඒ කෙනාත් එක්ක ආදරේ කරන්න පටන් අරන් ලොකු රැවටීමකට ලක් වෙනවා. ඒ බැඳපු කෙනෙක් ලමයි ඉන්න. මුහුණු පොතෙන් ආදරේ හොයන්න යන ක්ලාස් යන වයසේ අයටත් ඒක හොඳ පාඩමක් විදියට හිතට ගන්න පුළුවන්. මොකද ඇත්ත සමාජය එහෙමයි. ඒ ලෙවෙල් වයස එච්චරම සමාජය ගැන දැනුමක් තියෙන වයසක් නෙවෙයි නිසා රැවටීම් වෙනවා වැඩී. අසිනි ඒ රැවටීමේ දුකෙන් ජිවිතය නැති කර ගැනීමේ තිරණයත් අරන් තමා ප්‍රබුද්ධ සර්ගේ ක්ලාස් එකට එන්නෙ.

● ඇත්තටම ඇයි අසිනි ප්‍රබුද්ධ සර්ට ආදරේ කරන්න ගන්නේ ?
ජීවිතේ එපා කරගෙන මැරෙන්න හිතාගෙන පන්තියට ආව අසිනි සර් ට චිට් එකක් ලියනවා. ” සර්, ආදරේ කියන්නේ මුදුන් මුල ජීවිතේ. මුදුන් මුල නැතුව මට ජීවත් වෙන්න බැහැ. මගේ මුදුන් මුල මං ආදරේ කර කෙනා. එයා මාව රැවැට්ටුවා. මං ජීවිතේ නැති කර ගන්නවා. මං අවසාන වතාවට අද සිංහල ක්ලාස් එන්නෙ. අද මං පන්ති ඉවර වෙලා ගෙදර යන්නෙ නැහැ. ” මේ චිට් එක දැක්කට ප්‍රබුද්ධ සර්ගේ යට ගියාවකුත් මතක් වෙනවා. ඒක වෙනම කතාවක් යන එකක්. ජීවිතේ නැති කරගන්න ආව අසිනිට ජීවිතේ නැති කරගන්න එපා කියලා ලොකු පැහැදිලි කිරීමක් දෙනවානේ ප්‍රබුද්ධ සර්. එතකොට අසිනි හිතන්නේ සර් මං වෙනුවෙන් තමයි මේ ටික කියන්නේ. මාව ගලවගත්තේ සර්. මට ජීවිතයක් දුන්නේ සර් කියලා අසිනි හිතන්න ගන්නවා, සර්ව බදාගන්නේ ආදරේ කරලා නෙවෙයි ඒත් එතනින් පස්සෙ තමයි ආදරේ පටන් ගන්නේ.

● මාස්ටර් සර් ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද ?
මට ආරාධනය ලැබෙන්නේ සහය අධ්‍යක්ෂක අමිල අයියා හරහා.

● සවිනිට පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්ද රංගන ශිල්පිනියක් වෙන්න?
ඔව් අනිවාර්යයෙන් . මගේ තිබ්බ ලොකුම ටාගට් එකක්. ඉස්කෝලේ යන කාලේ දි ම තමයි මේක මගේ හීනයක් වුනේ. මගේ තිබ්බ උත්සහය තමයි මාව මෙතනට ගේන්න හේතුව.

● A/level කාලේ කියන්නේ හැමෝටම ජීවිතේ ලස්සන මතක ඉතිරි කරන කාලයක්. ඉතින් ඉස්කෝලෙ කාලට පස්සේ ආයෙම මේ විදිහට පන්ති යනවා වගේ දැනෙන හැඟීම කොයි වගේද ?
මං A/level කරලා ලොකු කාලයක් නෑ. 2020 තමයි කරේ. මට මෙහෙම රෑගත කිරීම් වලට යද්දී හරියටම ආයේ ඒ කාලේ වගේ . පොත් පැන්සල් අරන් ඉන්නකොට ඒ වගේම ප්‍රබුද්ධ සර් උගන්නන වෙලාවට ඒක දැනෙන්නේ නෑ රඟපෑමක් කියලා. ඇත්තටම විශ්ව අයියව පේන්නේ සර් කෙනෙක් වගේමයි. සමහර වෙලාවට මට අයියා කියන්නත් මොකද්ද වගේ. සර් කෙනෙක් වගේ පේන නිසා. ඒ තරමට දැනෙනවා ක්ලාස් රූම් එක වගේ.

● A/level වලට ඔයා මොනාද කරපු subject ?
Commers

● ක්ලාස් යන කාලේ සිදු වුණ මතකම හිටින සිදුවීම් එහෙම තියෙනවද ? අපිට ආරංචි තරහ ගිහින් පිරිමි ලමයෙක්ට ගැහුවා කියලත්, ඒක ඇත්තද ?
ඔව් අනේ. ඕ ලෙවෙල් කරන කාලේ දවසක් මට වුන දෙයක් ඒ. මම ඕ ලෙවෙල් කරද්දි ගොඩාක් කල් ඉදල පිරිමි ලමයෙක් මගේ පස්සෙන් එනවා. මාස ගානක් තිස්සේ. එක දවසක් මං ක්ලාස් එකේ දි පරක්කු වෙලා ආව නිසා පිටි පස්සෙ ඉදගන්න වුනා. ඒ ලමයා හිටියේ ඉස්සරහ. ටික වෙලාවකින් මට ඉස්සරහ පේළියේ ඉඳලා චොක්ලට් එකක් එනවා. ඒක කාගෙද ඇහුවම ලමයි මට කියනවා මේක ඔයාගේ කියලා. මේක කවුද දුන්නේ කියලා මං ඇහුවම අර පිරිමි ලමයව පෙන්නුවා. මං ඉස්සර හරි ආඩම්බරයි. ඒ වගේම කේන්ති යනවා. මට ආව කේන්තියට මං ඒකෙන්ම දමලා ගැහුවා එයාට. හැබැයි වැදුනේ ඊට ඉස්සරහ හිටිය පිරිමි ලමයට. ඒකේන් පස්සේ කවුරුත් පිරිමි ලමයි කවුරුත් මගේ පස්සෙන් ආවේ නෑ. විහිලුවක්වත් කරේ නෑ.

● රූගත කිරීම් අතරතුර සිද්ධ වුනු රසබර සිදුවීම් මතක මොනවද ? අපි මතක් කරොත්.
රසබර සිදුවීම් නම් ගොඩයි. හොඳම එක මං අර කලින් කිව්ව පිරිමි ලමයෙක්ට ගහපු සිදුවීම. මං කාවින්ද මලවි ආරච්චි අයියා එක්ක ඒ සිදුවීම ඒක අවස්තාවකදි කියනවා. පස්සේ අයියා ඒක පිටපතට එක් කරලා. අපි ඒක මේ ළඟ දි ෂූට් කරා. ඉදිරියේ දි දකින්න ලැබෙයි

● ඔයා නවක රංගන ශිල්පිනියක් නේ. අපි ටෙලි නාට්‍යයේ දී ප්‍රවීණ රංගන ශිල්පිනියන් ශිල්පීන් හමුවෙනවා. ඒ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද ?
මට ප්‍රවීණ රංගන ශිල්පීන් හම්බුනේ තාම විශ්ව අයියායි, උපේක්ෂා අක්කයි. ඒ දෙන්නම මාරම සපෝට්. සීන් එකට යන්න කලින් අල්ලගෙන නංගි මෙහෙම කරමු, අපි කියලා රියසල් කරවනවා. සීන් එකට ගියාම බය නැති වෙන්න ඒක ලොකු උදව්වක්.

● Crew එක එක්ක වැඩ කරද්දි ඒ ලැබෙන අත්දැකීම කොයිවගේද ?
ඇත්තටම ගොඩක් වටිනවා. මුලින් ම කියන්න ඕනේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන අයියා ගැන. අරුණ අයියා අපිව ප්‍රෙෂර් නොකර අපේ අඩු පාඩු හදනවා. හිත රිදෙන්නවත් මොකුත් නොකියා තමයි ඒ අවවාදය පවා දෙන්නේ. ඒකෙන් අපිට බය නෑ මේ වැඩේ කරද්දි. අපි අලුත් අත්දැකීම් අඩු අයනේ. අපි රිලැක්ස් එකේ වැඩ කරන්නෙ ඒ නිසා.

● දැන් මේ වෙද්දි මාස්ටර් සර් ටෙලි නාට්‍ය කොටස් කීපයක් විකාශය වෙලා තියෙනවා. ඉතින් මෙදාස් වල ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?
ඒ ගැන කියන්න තේරෙන්නෙ නෑ. සෝෂල් මීඩියාවලට යන්න බැහැ. බලන බලන හැම තැනම එක එක විදියේ පෝස්ට් වීඩියෝ හදලා කට්ටිය. ක්ලාස් කරන සර්ලා පවා කැළඹිලා වගේ. කට්ටිය ගොඩක්ම බනින එක තරයි කරන්නේ. සර් කෙනෙක්ව බදාගත්තට. චරිතයට ගොඩක් ම නෙගටිව් ප්‍රතිචාර තිබ්බට ඒකත් එක්තරා ප්‍රබ්ලිසිටියක් කියලා හිතනවා ඉතින්. මං ඉතින් ඒ ඔක්කොම දිහා බලන් හිනා වෙවී ඉන්නවා ගෙදරට වෙලා.

● අසිනි කියන චරිතය මාස්ටර් සර් ටෙලිනාට්‍ය තුළ ඉස්සරහට ගලාගෙන යන්නෙ කොහොමද ?
අසෙනි ගේ චරිතය, එයාට හිත යන්නේ පොඩ්ඩක් වයසින් වැඩි පිරිමි කට්ටියට. එයා කලිනුත් බූට් එකක් කාලා ඉන්න ගෑණු ළමයෙක්. ඉතින් එයා දැනුත් ඒකම කරන්න පෙළඹෙනවා, පෙළඹෙයි කියලා මම හිතනවා. මොකද ඒ අසිනි ගේ චරිතයේ ගැන මොකුත් කියන්න බැහැ. ඒක ඉතින් වෙනස් වෙන්න තීරණය වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ Drama එක බලලා රස විඳින්න. විශේෂයෙන්ම ගෑණු ළමයින්ට, ක්ලාස් යන පොඩි වයසෙ ඉන්න ගෑණු ළමයින්ට අසෙනි ගේ චරිතයෙන් ගොඩාක් දේවල් ගන්න තියනවා. ඉතින් ඒ දේවල් අරගන්න.

● ඉදිරි නිර්මාණ කටයුතු සහ සැලසුම් මොන වගේද ඒවා ගැනත් අපි දැනගන්න කැමතියි.
මං ගොඩක් ම වැඩ බාර ගනිද්දි ගොඩක් හිතනවා. හොඳම නිර්මාණ විතරයි අඩුවෙන් උනත් කරන්න හිතන් ඉන්නේ. කරපු තව නිර්මාණයක් එන්න තියෙනවා. ඒ වගේ ම ෆිල්ම් එකකට ආරාධනා ලැබිලා තියෙනවා, ඒ ගැන කතා කරගෙන යනවා. ඉතින්, ඉස්සරහට බලමු.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img