අරුණ ජයවර්ධනයන් ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” දැන් හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වේ. හිරු ටෙලි පෙරහැර තුළින් ඔබට හමුවන මාස්ටර් සර් ශ්‍රී ලාංකේය ටෙලි තිරයේ හමු වන පළමු ටියුෂන් පංතියයි.

සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන අපිට සිනමාවේ මුලින්ම හමුවන්නේ නිකිණි වැස්ස සිනමාපටය තුළින්. සිය පළමු සිනමා නිර්මාණය තුළින්ම සම්මානිත වන්නට භාග්‍ය වූ ඔහු ඉන් පසුවත් සිනමා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් අපිට සමීප වුණා. ඔහුගේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” ටියුෂන් පංති අත්දැකීම් ආශ්‍රයෙන් නිර්මාණය වූ ලංකාවේ පළමු ටෙලි නිර්මාණය වීමත් සුවිශේෂයි.

කාවින්ද මලවිආරච්චි තිර රචනය කරන ලද මෙහි චරිත සඳහා විශ්ව කොඩිකාර, උපේක්ෂා ස්වර්ණමාලි, නිසල් හෙට්ටි ආරච්චි, සචිනි යකුපිටිය, සිත්මී එදිරිසිංහ, අංජන ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, රූපා ගෝමස්, ජෙනට් ඇන්තනී, ඉන්දිකා සුභසිංහ, දුනීශා පියුමී, දිල්කි හංසිකා, ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වේ.

Soulframe Creations (Pvt)Ltd නිෂ්පාදනයෙන් නිමවුණු “මාස්ටර් සර්” හි සහය අධ්‍යක්ෂණය අමිල පහතගෙදරයි. සංස්කරණය ගයාන් ශ්‍රී බුදවත්ත, කලා අධ්‍යක්ෂණය ක්‍රිෂාන්ත රත්නසිරි, සංගීත අධ්‍යක්ෂණය නදීක ජයවර්ධන වේ.

මඟ හරින්නට බැරි ආදරය පිරුණු කතාවක්, ප්‍රබුද්ධ සර්ගේ ක්ලාස් එකට එකතු වෙන්න ආදරයත්, විනෝදයත් සතුට රසවින්දනය පිරුණු මාස්ටර් සර් ටෙලි කතාව නරඹන්න.
