Saturday, April 26, 2025

දකුණු ආසියාවේ පළමු කාන්තා සංචාරක හෝටලය

Published:

දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්ය මණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාලු නමින් 2025.01.10 දින පස්වරුවේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදි විවෘත කෙරිණ.

“තේමා කලෙක්ෂන්” ආයතනයේ අනුබද්ධ ඉදිකෙරුණු මෙම අඹ යාලු සංචාරක හෝටලයේ විවෘත කිරීම තානාපති කාර්යාල නිළධාරීන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක හෝටල් කර්මාන්තවල හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර කාන්තා කාර්ය මණ්ඩලය සහිත හෝටලයේ පිරිත් දේශනය සඳහාද වැඩම කර සිටිනු ලැබුවේ භික්ෂුණීන් වහන්සේලා දෙනමකි.

නව කාන්තා හෝටලයේ සියලු කටයුතු කාන්තාවන් අතින් සිදුවීම විශේෂත්වයක් බව පැමිණ සිටි ආරාධිත අමුත්තන්ද ප්‍රකාශ කරන්නට වූහ.

මුළුතැන් ගෙයි භාරව කටයුතු කරන ප්‍රධාන සූප වේදනීය බවට පත්ව ඇත්තේ අනුරාධපුර පදිංචි කෞෂයා බටගොඩ යි. ඇය කියා සිටියේ තමන් විදෙස් රටවලින් හ දේශීය රටවලින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන දකුණු ආසියාවේ සියයට සීයක් කාන්තා සේවකයන්ගෙන් සැදුම් ලත් හෝටලයේ ප්‍රධාන කෝකිවරිය වීම තමන් ජීවිතේ ලද මහත් ගෞරවයක් බවය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img