වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස ද ඔහු රටවල්වලින් ඉල්ලා තිබෙනවා.

පොසිල ඉන්ධන භාවිතය නතර කර තුරු මෙම උණුසුම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බව ද ඔහු පවසනවා.
මෙසේ අධික උෂ්ණත්වක් අවසන් වරට වාර්තාව වී ඇත්තේ 2023 වසරේ ජුලි මසයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නවතම වාර්තාවක සඳහන් වෙන්නේ, ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 70කට වඩා (බිලියන 2.4) ජනතාව මේ වනවිට දැඩි උෂ්ණත්වයේ ඉහළ අවදානමක සිටින බවයි.