Sunday, April 27, 2025

අශෝක හදගමයන්ගේ ” රාණි “

ඇල්බොරාදා – අක්ෂරය – ඉනි අවන් ඔබ වෙත ගෙනා සම්මානනීය අධ්‍යක්ෂක අසෝක හඳගම නවතම සිනමා නිර්මාණය රාණී සිනමා පටයයි. රාණි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය Youtube වෙත මුදාහැරලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය හා අනතුරුව ඔහුගෙ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු තම එකම පුත්‍රයාගෙ ඝාතනයට සාධාරණය ඉටු කරගන්නට දරන වෑයම යි.


ස්වර්ණා මල්ලවආරච්චිගේ ප්‍රධාන රංගනයෙන්, වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු චරිතයට පණ පොවා ඇත.මනෝරාණි, රිචඩ් සහ චිත්‍රපටියේ එන ප්‍රධාන දේශපාලන චරිත හතරක්. චිත්‍රපටියේ එන ගොඩක් චරිත අතරින් තෝරාගත් චරිත හතරක් තමයි මේ.


රිචඩ් පැහැරගෙන ගොස් මරා දැමීම සත්‍ය සිදුවීමක්. ඒත් සිදුවීමක් සිදුවෙලා ඉවර උනාට පස්සේ තවදුරටත් සත්‍යය යනුවෙන් නිශ්චිත යමක් තිබෙනවාද? සිදුවීමෙන් පස්සේ ඒ වටා ගොඩනැගුණු කතාන්දර ගොඩක් තමයි ඇත්ත ලෙස අහන්නට ලැබෙන්නේ. මනෝරාණි හොයාගෙන ගියේ ඇත්ත නෙවෙයි. ඇත්ත ඇය දන්නවා. තම පුතා පැහැර ගොස් මරා දැමූ බව ඇය දන්නවා. ඇය සොයා ගියේ යුක්තිය. මේ ඝාතනයට වගකිවයුත්තන්ට යුක්තිය ඉටුවනු දැකීමට ඇයට වුවමනා වුණා.
රාණි
මේ, මනෝරාණි ගේ කතාවයි.
මේක දැනගත යුතුම ඉතිහාසයක්..

“රාණී” (Raani) නුදුරේදීම තිරගත වීම ඇරඹේ.

RANI film trailer

ගෞතම බුද්ධ මාතා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ගෞතම බුද්ධ මාතා, තිලංග...

“සෝලෝ ටවුන්”

ආදරයෙන් පිරුණු මායම් නගරයේ කථාව සොලෝ ටවුන්...

බෆලෝ ට්‍රැවල්ස් – Buffalo...

ඔක්තෝම්බර් 25 වන දා සිට දිවයින පුරා.. බෆලෝ ට්‍රැවල්ස් -...

ගිනිඅවි සහ ගිනිකෙළි –...

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන, මැර දේශපාලන...

පාස්පෝර්ට් – Passport

කතාව ,තිර රචනය සහ අධ්‍යක්ෂණය Chris Antony නිෂ්පාදනය :- ආචාර්ය විරංජිත්...

මන්දාරා – Mandara

https://www.youtube.com/watch?v=0yZ69sInIqE ලංකාවේ නිසල නිල්වන් ගැමි පරිසරයත්, ජනාකීර්ණ වෛවර්ණ නගරයත් පසුබිම්...