
මීට වසර 2,000 කට පමණ පෙර අවම වශයෙන් මිනිසුන් 10,000 ක් පමණ වාසය කළ ඇමසන් වනාන්තරයේ නැතිවූ නගර මාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් මෑතකදී අනාවරණය කර ගෙන ඇත. ඉක්වදෝරියානු ඇමේසන් හි ඇන්ඩීස් කඳුකරය ආසන්නයේ පිහිටා ඇති මෙම සොයාගැනීම දියුණු LIDAR තාක්ෂණය භාවිතයෙන් සිදු කළ අතර එමඟින් පුළුල් මාර්ගවලින් සම්බන්ධ වූ සංකීර්ණ ජනාවාස ජාලයක් අනාවරණය වී ඇත.

ක්‍රිස්තු පූර්ව 500 පමණ උපනෝ ජනයා වාසය කළ මෙම පැරණි නගර කෘෂිකාර්මික ක්ෂේත්‍රවලින් සහ සංකීර්ණ ජලාපවහන පද්ධතිවලින් වට වූ පස් ගොඩවල් 6,000කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. විශාලතම මාර්ග මීටර් 10 (අඩි 33 ක් පමණ) පළල, කිලෝමීටර් 20 (සැතපුම් 12) දක්වා විහිදෙන අතර ඒවා නඟරයේ විවිධ ජනාවාස සම්බන්ධ කර තිබී ඇත. මෙම නගරවල විශාලත්වය සහ සංවිධානය පැරණි ඇමසෝනියානු සංස්කෘතීන්ගේ සංකීර්ණත්වය පිළිබඳ පූර්ව උපකල්පනවලට අභියෝග කරමින් ඉතා සංකීර්ණ සමාජයක් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

මෙම සොයාගැනීම ඇමේසන් හි පූර්ව-කොලොම්බියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ අවබෝධය නැවත අලුත් කරන අතර යුරෝපීය සබඳතාවලට බොහෝ කලකට පෙර මෙම කලාපය දියුණු සහ ජනාකීර්ණ සමාජවල නිවහන වූ බව පෙන්නුම් කරයි.

