Sunday, April 27, 2025

ලොව හොදම ළමා නිළිය වූ සරලා කාරියවසම්

Published:

සරලා කාරිවසම් කියපු ගමන් අදටත් මතකයට නැගෙන්නේ පුංචිම පුංචි දියණියකගේ හුරුබුහුටි මුහුණයි. ” වෝටර” චිත්‍රපටය ඔස්සේ ලෝකයම අඳුනා ගත් මේ පුංචි දියණිය ඉතා කුඩා වයසේදීම සිදු කරන ලද මේ අපූරු රංගනය හේතුකොට ගෙන මේ සම්මානයෙන්ද පිදුම් ලබනවා.

ඉතා කුඩා වයසේදීම ජාත්‍යන්තරය හඳුනාගත් මේ පුංචි ලාංකික රංගන ශිල්පිනියගේ විශිෂ්ට රංගනය හේතුවෙන් හොලිවුඩ් තරුණ කලාවේදී පදනම විසින් ලබාදෙන ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානයද දිනා ගැනීමට සමත් වුණා.

ඇයගේ මෙම රංගනය නිසා මේ රටට වඩා ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ විදේශයන්හියකුඩා වයසේදීම ජාත්‍යන්තරයේ තමන්ගේ නම පතුරවන්නට සමත් වූ ඇය සැබැවින්ම මෙරට කලා ක්ෂේත්‍රයට අඩම්බරයක් ගෙන තැනැත්තියකි. නමුත් මෙරට රංගන කටයුතු වලදි ඇයගේ රංගනය සුළු වශයෙන් දැක ගැනීමට හැකි විය.

අප හඳුනාගත් මේ පුංචි සරලා අද වන විට ආදරණීය බිරිඳක්, සිටියේ මවක් ලෙසට තම වගකීම් ඉටු කරනු ලබන සුන්දර කාන්තාවක් වනවා. ඇය විවාහ වී සිටින්නේ ද අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන එරංග ජීවන්ත සමඟයි.

අද වන විට තමන්ගේ පුංචි පවුල සමඟ කාර්යබහුල ජීවිතය ගත කරන රංගන කටයුතුවලින් ඇත් වී සිටිම දක්නට හැකි වේ. ඊට හේතුව වන්නේ ඇය මේ වන විට දරුවන්ට දෙනකුගේ මවක් වීම නිසයි.. .

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img