Sunday, April 27, 2025

ලොව සංචාරය කළ යුතු හොදම රටවල් අතුරින් තුන්වන තැන ශ්‍රී ලංකාවට

Published:

ගිම්හාන ඍතුවේදී ලොව සංචාරය කළ යුතු හොදම රටවල් අතුරින් තුන්වන තැන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. කීර්තිමත් ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට අමතරව සඳහන් කොට ඇති අනෙකුත් රටවල් දෙක වන්නේ ග්‍රීසිය සහ මොරිෂස්.


එළඹෙන ඍතුවේ එළඹෙන ගිම්හාන රිතුවේ ශ්‍රී ලංකාව සහ මෙම රටවල සංචාරය කිරීම සුවිශේෂී සහ අසම සම අත්මදැකීමක් වනු ඇති බවට මෙම සඟරාවේ ප්‍රකාශ කොට තිබෙනවා. සාරවත් උස් බිම් වලින් සහ ආකර්ශනීය වෙරළ තීරයන්ගෙන් සැදුම්ලත් ලංකාවෙහි සංචාරය කිරීම මාලදිවයිනෙහි සංචාරකම් අත්දැකීම් හා සමාන අත්දැකීම් ලබාගත හැකි ගමනාන්තයක් බව සඳහන් වනවා .ස්වභාව සෞන්දර්යයට ආදරය කරන සංචාරකයින් සඳහා වනෝද්‍යාන විසි දෙකක් මෙන්ම ඝර්ම කලාපීය ශාක සහ සත්ව විශේෂ දැක බලා ගැනීමට ශ්‍රී ලංකාව තුළදී හැකියාව ලැබෙන බව සඟරාව සඳහන් කරනවා.ආර්ථික අර්බුදය සහ මෑත කාලීන සිදුවීම් මගින් ්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාව 2024 වසරේ දී ලොව සංචාරය කළ යුතුම ගමනාන්තයක් ලෙස තවත් සඟරා කිහිපයක්ම සහ වෙබ් අඩවි කිහිපයක් නම් කොට ඇති බව ෆෝර්බ්ස් සඟරාව ‍ ප්‍රකාශ කොට සිටිනවා.




spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img