Sunday, April 27, 2025

උඩවේරිය වත්ත

spot_img

යකාගේ පඩිපෙළ මාර්ගයේදී හමුවන “උඩවේරිය වත්ත”

අතිශය දුශ්කර ජීවිකාවක් ගෙන යන අහිංසක මිනිසුන් ජීවත් වන ගම්මානයක්

ඔහිය මොන පාටද කියල ඇහුවොත්.. එක පාරින්ම කියන්න පුලුවන් කලු පාට කියල. ඒක ගුප්ත කලු පාටක්. හැම තැනම. ගස් පවා කොල පාටට වඩා තද කලු පාටයි…ඒක තද මීදුමත් එක්ක එකතු උනාම…පාරාදීසයක්. .

ඔහියෙන් හැරිල කලුපහනට යන පාර… ඒ කියන්නෙ යකාගෙ පඩිපෙල හරහා යන පාරෙ හමුවෙනව. උඩවේරිය වත්ත.. ඒකනං අමුතුම පාටක්.. වෙනම ලෝකෙකට ඇතුල්වෙනව වගේ.. වචන නෑ… යකාගෙ පඩිපෙල කියන නම හැදිල තියන්නෙ උඩවේරිය ගම්මු කියන විදියට ඉස්සර යක්කු පන්දම් අරගෙන රෑට ඔය මර්ගය හරහා එහා මෙහා ගිය නිසාලු. කොච්චර යකාගෙ පඩිපෙල කියන නම අහල තිබුනත් ඒක හරියටම දැනගත්තෙ ඒ ගම්මුන්ගෙන්.

ලෝකාන්තෙ පහල තියන ගම්මානෙ තමා උඩවේරිය වත්ත.එතන හරියට ට්‍රැවලින් හබ් එකක් වගේ..වටේටම යන්න පාරවල් තියනව. ඉදල්ගස්හින්නට එතනින් කෙටිපාරක් තියනව.. 4 Km. මෙතන කෑම්පිං කරන කෙනෙකුට යකාගෙ පඩිපෙල හරහා යන්නත් පුලුවන්.

ඒ හැම කඳු පන්තියක් හරහාම අස්ස කරත්ත මාර්ගවල් තිබිල තියනව. තාමත් ඒක දැකගන්න පුලුවන්. උඩවේරිය වත්තට කලින් තියනව ඔහිය වත්ත. ඊට පහලින් තියන්නෙ උඩවේරිය වත්ත. වචනවලින් විස්තර කරන්න බැරි මීදුමෙන් වැහෙන සීතල සුන්දර උඩවේරිය වත්ත.

මෙතන තියනව කෑම්පිං කරන්න සුන්දර තැන්කීපයක්. වතුර වගේම වැසිකිලි පහසුකම් එතන තියන පුන්චි දේවාලයක් සහ ගෙදරක් තියන තැනකින් ගන්නත් පුලුවන්. ලොකු පහසුම්බ ලාගෙනනම් එන්න එපා. එතනින් උඩ තියනව විව් පොයින් එකක්. එතන උඩ සහ පහල විව් පොයින් එකෙත් කෑම්පිං කරන්න පුලුවන්.

විනාශ කරලනන් එන්න එපා. එතෙන්ට ගියාට පස්සෙ හිතුනෙ මේ විස්තර දාල මේ තැන් විනාශකරන්න මට දායක වෙන්න බෑ කියන සිතුවිල්ලයි. විනාශ කරන්න නම් එපා. එච්චරම සුන්දර පරිසරයක් ඒක.

පහල උඩවේරිය වත්තෙ පරන තේ ෆැක්‍ටරිය තියනව. එතන රෝමානු කතෝලික කුඩා දේවස්තානයක් තියනව. පුන්චි සුන්දර මීදුමෙන්වැහුනු ගම්මානයක්. මේ ගම්මානෙ කොච්චර සුන්දර උනත්. ඒකෙ ඉන්න මිනිස්සුන්ටනම් ඒ ජීවිතේ සුන්දර නෑ. මේ ආර්තික අර්බුදයත් එක්ක ඒ අයට තේ වතුවල රස්සාවල් තියන්නෙ සතියට දින දෙකක් වගේ. ඒත් දවසකට ලැබෙන්නෙ 1500/= විතරයි. උඩවේරිය ගමට ලඟම තියන්නෙ ඔහිය. ඒත් කිලෝමීටර් 7ක් දුරින්. ගමේ ගොඩක් අය එතන්ට පයින් තමා එන්නෙ.

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here