Sunday, April 27, 2025

වල්පොලමුල්ල

spot_img

ආසියාවේ මෙන්ම ලංකාවේ අත්හැර දැමුණු කුඩාම ගම ලෙස සැලකෙන, අතිශයින්ම සුන්දර ගමක් වන නකල්ස් මායිමේ ඇති ,

වල්පොලමුල්ල

ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම තියන ගම්මානයක් තමයි වල්පොලමුල්ල ..සමහර දත්ත වාර්තා වලට අනුව , සහ විවිධ මුලාශ්‍රවල සඳහන් වන්නේ වර්තමානයේ මිනිස් වාසයකින් තොර අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේම කුඩාම ගම්මානය වල්පොලමුල්ල බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගොඩක් සංචාරකයින් මාතලේ සහ රිවර්ස්ටන් පුරා ඇවිද්දත් ඒ හුඟ දෙනෙක්ටම මඟ හැරෙන තැනක් තමයි මේ ගම්මානය. මේක පිහිටලා තියෙන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුල වීමද විශේෂත්වයක්.

මාතලේ ඉදන් රත්තොට පාරේ ගිහින් රිවර්ස්ටන් සහ පිටවල පතන පහු කරලා ඉලුක්කුඹුර පාරේ යනකොට මේ සුන්දර ගමට යන්න පිවිසෙන ඇටන්වල ගම්මානය හමු වෙනවා මේ ගමට යන මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක් කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැතිව කිලෝමීටර් හතරක පමණ දුරක් අති දුෂ්කර කැලෑ මාර්ගයක් තුලින් පයින් ගිහින් තමයි මේ ගමට පිවිසෙන්න පුලුවන්. මේ ගම්මානයට ප්‍රවාහන පහසුකම් වල දුෂ්කරතාව සහ වන අලි , වන සතුන්ගෙන් සිදුවුන කරදර හිරිහැර වගේම ජලය ප්‍රශ්නය යන ගැටළු හේතුවෙන් මෙහි ජීවත් වූ සීමිත පවුල් ගණන මෙම ගම අතහැර දමා ගොස් තිබෙනවා ..දැන‍‍ට මේ ගමේ අවුරුදු ගාණකින් වගා නොකළ පුරන්වූ කුඹුරු යායක් සහ නිවසක් සහ තවත් නටඹුන් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා.

අතිශ්‍යය මනරම් දුම්බර කඳු යායට මුහුණලා නකල්ස් රක්ෂිතයේ දුම්බර මිටියාවත තුළ පිහිටා ඇති මේ ගම්මානය ඉතා සුන්දර දර්ශන පෙළකට හිමිකම් කියනවා. එක් පසෙකින් යෝධයන් සේ නැගී සිට පෙනෙන තෙක් මානයට දිස්වෙන දුම්බර කඳු වළල්ලත් ඒ කඳු අතරින් කැලේ මැද ඇද හැලෙමින් විටින් විට සැඟවී යලි ඇද හැලෙන මනරම් දුම්බර දිය ඇලිත් මෙම සුන්දර ගම්මානය තුලදී ඈතින් පෙනෙන තෙක්මානය පුරාවටම දැකගත හැකිවනවා.

වල්පොලමුල්ල ගම ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම කුඩාම ගම කියලත් සමහර මූලාශ්‍ර වල සඳහන් වනවා, එහි නිවරදි තාවය පිළිබදව යමක් සඳහන් කල නොහැකියි. කෙසේ වෙතත් වර්තමානයේ මෙය ශ්‍රී ලංකාව තුල මිනිස් වාසයකින් තොර කුඩාම ගම විදියට තමයි සඳහන් වන්නේ. දුෂ්කර ගම්මානයත් වුවත් මිනිසුන් වාසය කරන කලයේ මෙම ගම්මානය බත, බුලතින් සරුසාර ගමක් විදියට තමයි සැලකෙන්නෙ. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

අවසානයේ මේ ගමට ගියාට පස්සේ මට මතක් වුනේ මෙන්න මේ ලස්සන සිංදුව.

“දුම්බර මිටියාවත පැත්තේ

සුන්දර ගම්මානෙක මැද්දේ

අන්දර වැට ගාවයි උන්නේ

ගින්දර වාගෙයි සිත ගත්තේ”

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here