Sunday, April 27, 2025

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ලේනේක් 😶

Published:

තවත් පැය ගණනකින් ඇමෙරිකානු නව ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය තේරී අවසන් වෙනවා

මෙවර ජනාධිපතිවරණය අතිශය තීරණාත්මකයි. එමෙන්ම දැනට ප්‍රකාශිත සමීක්ෂණ වාර්තා අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර අතිශය තියුණු සටනක් ද පවතිනවා. ප්‍රධාන මාධ්‍ය සියල්ල වාර්තා කර තිබෙන්නේ උප ජනාධිපතිනි සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වන කමලා හැරිස් ඉදිරියෙන් සිටින බව. එහි පුදුමයට කාරණාවක් නැහැ. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාධ්‍යයේ හැසිරීමට අනුව ඔවුන් වැඩි ඉඩක් වෙන් කර තිබුණේ කමලා හැරිස් ට. එම වැඩි අවකාශය තුළ ඔවුන් කමලා හැරිස් පිළිබඳව වාර්තා කර තිබෙන පුවත් 87% ක් ධනාත්මකයි.

එමෙන්ම සුළු වේලාවක් වෙන් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ වාර්තා කර තිබූ පුවත් 86% ක් සෘණාත්මකයි.එය ඇදහිය නොහැකි තරමේ පක්ෂපාතී හැසිරීමක්. නමුත් මේ මොහොතේ ජනතාවගේ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවිය බවට පත්ව තිබෙනා ඊලෝන් මස්ක් ට අයත් ‘එක්ස්’ (ට්විටර්) හි අදහස් වඩා පක්ෂපාතී ඩොනල්ඩ් ට්‍රම්ප් ටයි.

මෙවර ජනාධිපතිවරණයේ අවසන් අදියරේ දී තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ ලේනේක්.

මින් පෙර ඇතැමෙක් දියුණු, සංවර්ධිත රටවල සතුන්ට පවා වඩා හොඳ ජීවිතයක් සහ නිදහසක් උරුම වී ඇතැයි ලියූ සටහන් ෆේස්බුක් අවකාශයේ හුවමාරු වුණා.

නමුත් එය සත්‍ය නොවෙයි.

‘පීනට්’ (P’ Nut) යනු ඇමෙරිකාවේ ගෘහයක ජීවත් වූ සුරතල් ලේනෙක්.

එම ලේනා ගේ හිමිකරුවන් ඔහු වෙනුවෙන් ටික් ටොක් ගිණුමක්ද පවත්වාගෙන ගියා.

එය මිලියන ගණනක පරීශිලකයන් එක් වූ ගිණුමක්. පීනට් ඉතාම සමාජශීලි, සුරතල් සත්ත්වයෙක්.

වසර හතක් තිස්සේ පීනට් ජීවත් වුණේ නිවසේ. ඔහුගෙන් කිසිවෙකුට හෝ කරදරයක් වූයේ නැහැ.

එනමුත් පසුගියදා කිසිවෙකුගෙන් හෝ ලැබුණු ඇමතුමක් නිසා, නිව්යෝර්ක් බලධාරීන් පීනට් ගේ නිවසට කඩා වැදී, හිමිකරුවන් නිවසෙන් එළියෙහි රඳවා සුරතල් පීනට් ඝාතනය කර තිබුණා.

ඒ නිවසේ ජීවත් වූ තවත් සුරතල් සත්ත්වයෙකු වූ ෆ්‍රෙඩ් නම් රැකූන් සත්ත්වයෙක් ද සමගයි.

පීනට් ගේ හිමිකරුවන් මේ පුවත සමාජගත කළ සැණින් එය සමස්ථ ඇමෙරිකාවම කම්පාවට ලක් කිරීමට සමත් වුණා.

ඒ සමගම එහි චෝදනාව පැමිණියේ රජයටයි. නිව්යෝර්ක් යනු පාලක ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනා ප්‍රාන්තයක්.

මේ මොහොතේ ‘එක්ස්’ වෙබ් අඩවියේ ඇමෙරිකානුවන් පීනට් සහ ෆ්‍රෙඩ් පිළිබඳව දැඩිව කතා කරමින් සිටිනවා.

ඔවුන් පීනට් වෙනුවෙන් ශෝක වෙනවා. පීනට් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ඩිමොක්‍රටික් රජය පරාජය කළ යුතු යැයි කියනවා.

ඇතැමෙකු එය සමාන කර තිබුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිදුවීමටයි. 2020 වසරේ ඇමෙරිකානු පොලීසිය අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් අප්‍රිකානු ඇමෙරිකානුවෙකු ඝාතනය වුණා.

එම සිදුවීම සමග එවකට ට්‍රම්ප් පාලනයට එරෙහිව දැඩි සමාජ විරෝධයක් ඇති වූ අතර, පසුව ප්‍රබල සහ අධිකාරී මතය වූ ” වාමාංශික, රැඩිකල්, වෝක්” මතය සමාජගත වීමටත් එය හේතුවුණා.

2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ අතර ඒ සඳහා සුළු ජාතික බහුතරය, ප්‍රතිවාදී අපේක්ෂකයාට හිමි වීමට හේතු වූයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයයි.

බොහෝ දෙනෙකු පීනට් ගේ සිදුවීම සමාන කරන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිදුවීමටයි.

එමෙන්ම තවත් පිරිසක් විශ්වාස කරන්නේ නළු නිළියන් සහ ක්‍රීඩකයන් දේශපාලනයට සම්බන්ධ වීම දකුණු ආසියාතික කලාපයට පොදු, එහෙත් දියුණු බටහිර දක්නට නොලැබෙනා සිදුවීමක් ලෙසයි.

එය ද අසත්‍යයක්.

මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වන කමලා හැරිස් ට සහය දැක්වීමට ප්‍රසිද්ධ චරිත ගණනාවක් එක්ව සිටිනවා.

ඒ අතර නිළියක් වන ජෙනිෆර් ලොපේස්, ගායිකාවක් වන කාර්ඩි බී, බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන ලෙබ්‍රෝන් ජේම්ස් ඇයගේ අවසන් විශාල ජන රැළියට සහභාගී වුණා.

මින්පෙර ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් බඳු ටේලර් ස්විෆ්ට් ද කමලා ගේ වේදිකාවට ගොඩ වැදුණා.

මෙහිදී කාර්ඩි බී ගේ කතාව අතරතුර ටෙලිප්‍රොම්ප්ටරය අක්‍රීය වූ අතර, වේදිකාවේ සිටි අයෙකු කතාව ඇතුලත් සටහන අඩංගු ජංගම දුරකථනයක් ලබා දෙන තුරු ඇය අසරණ වී සිටීම හාස්‍යජනක වුණා.

ඊලෝන් මස්ක් පළ කළ එක්ස් පණිවිඩයකින් ලෙබ්‍රෝන් ජේම්ස් ද කියවීමට නොදත්තෙකු ලෙස හාස්‍යයට ලක් කර තිබුණා. ලෙබ්‍රෝන් බාස්කට් බෝල් ක්‍රීඩාවෙන් ධනවතෙකු වූවත්, අධ්‍යාපනයෙන් සාර්ථක නොවීම ඊට හේතුවයි.

එමෙන්ම දක්ෂිණාංශික බලපෑම් කණ්ඩායම් ජෙනිෆර් ලෝපේස් සිව්වරක් විවාහ වීම මතු කරමින්, ඇය කිසිදා නිවැරදි තේරීම් කිරීමට සමත් චරිතයක් නොවන බව කියා තිබුණා.

දේශපාලනයේ පුද්ගලික උපහාස ඇමෙරිකාවට ද පොදුයි.

එමෙන්ම කලාකරුවන් සහ ක්‍රීඩකයන් දේශපාලනයට සම්බන්ධ වීම ශ්‍රී ලංකාවට හෝ දකුණු ආසියාවට පමණක් පොදු වූ ඉරණමක් නොවෙයි, ඇමෙරිකාවෙත් එය එසේයි.

තවද ඡන්දය භාවිතා කිරීමට හැඳුනුම්පතක් අවශ්‍ය නොවන ප්‍රාන්ත වල ඡන්දය භාවිතා කළ විදේශික සංචාරකයන් කිහිපදෙනෙකුම සිය අත්දැකීම සමාජමාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබීම එක් අතකින් හාස්‍යජනකයි.

තවත් පැත්තකින් එය ලෝකයේ බලවත්ම රාජ්‍යයෙහි මැතිවරණ ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරනවා.

මා පෙර සඳහන් කළ ලෙසම ඇමරිකානු ජනාධිපතිවරණය එක් නිශ්චිත ඒකකයකින් නියාමනය කෙරෙන්නේ නැහැ.

විවිධ ප්‍රාන්ත වල ක්‍රියාත්මක වන්නේ විවිධ නීතියි.

ඇතැම් ප්‍රාන්ත වල ඡන්දය භාවිතා කිරීමේ යන්ත්‍ර වල ප්‍රධාන අපේක්ෂකයෙක් වූ ට්‍රම්ප් ගේ නම මුල් පිටුවේ සඳහන් වී තිබුණේ නැහැ.

ඒ සඳහා “වෙනත් විකල්ප” (More options) බොත්තම එබිය යුතු වුණා.

ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම මුල් පිටුවේ නොතිබීම බැලූ බැල්මටම අයුක්තිසහගතයි.

රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කෙරෙනා ප්‍රාන්ත වල ඡන්ද පත්‍රිකාවන් හි ට්‍රම්ප් ගේ නම ඉදිරි පිටුවේම සඳහන් වුණා.

ශ්‍රී ලංකාවේ නම් දිවයිනේ ඕනෑම තැනක භාවිතා වන්නේ එකම ඡන්ද පත්‍රිකාවක්. එහි අපේක්ෂකයන්ගේ නම් ලියැවෙන්නේ ආකාරාදී පිළිවෙලටයි.

එවැනි නීතියක් හෝ නියාමනයක් ඇමෙරිකාවේ නැහැ.

ඇතැම් ප්‍රාන්ත වල මුද්‍රිත ඡන්ද පත්‍රිකා හි ප්‍රාන්ත වල කමලා හැරිස් ගේ නම ඉදිරි හිස් කොටුවේ කළු පැහැති තිතත් තිබූ බවටත් ඡායාරූප සමගම ඡන්ද දායකයන් හෙළිකර තිබුණා.

තවද දේශපාලනයෙන් සමුගත් චරිත දේශපාලනයට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ පමණක් බවට ඇතැමෙක් විශ්වාස කරනවා.

එය ද අසත්‍යයක්.

රිපබ්ලිකන් ප්‍රධාන අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් වරක් ජනාධිපතිධූරය දරා, දෙවෙනි වර පරාජයට පත් වූ පුද්ගලයෙක්.

එන්මුත් ඔහු නැවත දේශපාලනයට පැමිණියා.

බරක් ඔබාමා යනු තවත් එවැනි ශ්‍රී ලාංකිකයන්ගේ සටහන් අනුව ගෞරවයට ලක්වන පුද්ගලයෙක්.

නමුත් මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ කරළිය පසුපස ප්‍රධාන සංවිධායකයා ඔබාමා.

ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සිටි, ජනපති ජෝ බයිඩන් ඉවත් කිරීමට විශාලතම කාර්යභාරය සිදු කළෙත් ඔබාමා.

ඔහු උත්සාහ කළේ ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය ලබා දීමටයි.

ඒ සඳහා ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද දියත් වුණා.

නමුත් අවසන් මොහොතේ ඒ අවස්ථාව කමලා ට හිමි වූයේ මාධ්‍ය බලවතෙකුගේ සහ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යොදවන ව්‍යාපාරික ප්‍රජාවේ ඉල්ලීම නිසා බව සඳහන්.

දේශපාලනය යනු බල ක්‍රීඩාවක්. එහි ගතිකයන් ශ්‍රී ලංකාවටත්, ඇමෙරිකාවටත් පොදුයි.

එම බල ක්‍රීඩාව හොඳින්ම හැසිරවිය හැකි පුද්ගලයා හෝ කණ්ඩායම ඉන් ජය ගන්නවා.

දේශපාලනය සහ බලය පිළිබඳව පෙරදිග චානක්‍ය ගේත්, බටහිර මැකියාවේලි ගේත් අදහස් හි මූලික ආකෘතිය බොහෝ දුරට සමාන වීමට හේතුව එයයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img