නකල්ස් කදු වැටියෙන් පෝෂණය වන – බඹර කිරි ඇල්ල | Bambara Kiri Ella
මේක හරිම ලේසියෙන් යන්න පුළුවන් දියඇල්ලක්. මාතලේ රිවස්ටන් මාර්ගයේ රත්තොට නගරය පහුවෙලා 4km යනවිට ප්‍රධාන මාර්ගයට ආසන්නවම තමයි මෙය පිහිටා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ සිට 200m පමණ ඇවිද යන්නට ඕනි. ගමට යාමට ඉදිකර ඇති සංගිලි පාලම නිසා ඇල්ලට අමුතු සුන්දරත්වයක් මෙන්ම ජායාරූප සදහා කදිම ස්ථානයක්ද වී තිබෙනවා.
නකල්ස් කදු වැටියෙන් පිරිසිදු ජලයෙන් මෙන්ම නිකොල් ඔයෙන් සොහොන් කන්දේ දිය මූලාශ්‍ර වලිනුත් මෙම ඇල්ල නිර්මාණය වේ. තට්ටු 3කින් සමන්විත ඇල්ල අඹන් ගගට වැටී මහවැලි ගගට ගලායයි.
දිය ඇලි දෙකක් ලෙස පැමිණ ඇදහැලෙන මෙම ඇල්ල වැටෙන තැන තටාකයක් ලෙස ලස්සට පිහිටා ඇත.
ඇල්ලේ අලංකාරය වැඩිකරනුයේ ඊට ඉහලින් ඇති වැල් පාලමෙනි.ඇල්ලේ නියම ලස්සන බලන්නට නම් වැල් පාලමේ මැදට ආයුතුය.පාලම ලස්සන වගේම අවදානමකට ඇත්තේ අඩියට දමා ඇති ලැලි සමහරක් කැඩී ගොස් තිබීමය.එනිසා පරිස්සම් වීමට වගබලාගතයුත
දිය අකුණක් වැදීම නිසා විශාල ගල් පහලට ඒමෙන් ඇල්ලේ සුන්දරත්වයට 50% ක් පමණ හානි වූ බව විශ්වාසයයි. රත්තොට අවටට පානීය ජලය සැපයීම ඇල්ලේ ඉහලම කොටසින් සිදු වේ. ඇල්ලේ ඉහල කොටස කුඩා බඹරකිරි ඇල්ල ලෙසිනුත් පහල කොටස මහ බඹරකිරි ඇල්ල ලෙසත් හදුන්වයි.
ලිස්සන සුලු බවත් ඇල්ලේ ගැඔුරත් නිසා සංචාරක බඔ පරිස්සම් විය යුතු වුවත් වචනයෙන් කියා නිම කළ නොහැකි සුන්දරත්වයක් මෙම ජලධාරාව තුළින් සජීවීව දැක ගත හැකිය.විශාල ගල් පර්වතයක් ආසන්නයේ පවතින මෙහි දිය ඇල්ල නිසා චමත්කාරය වැඩි වී ඇත..










