Sunday, April 27, 2025

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

Published:

ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය පරාජය වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගත් පළමු විස්සයි 20 තරගාවලිය මෙයයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස් කළා.

කුසල් අද රැස්කළේ ඔහුගේ 15වැනි විස්සයි20 අර්ධ ශතකයයි.

මෙහිදී කුසල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් පැවැත් වූ කුසල් පෙරේරාද සිය විස්සයි20 දිවියේ 15වැනි අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img