Sunday, April 27, 2025

වෙඩි වැදී රෝහල් ගත කල ඉන්දීය නළුවා

Published:

මුම්බායි පොලිසියට අනුව ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයේ උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කර ඇත.

අද අලුයම 4.45 ට පමණ ඔහුගේ නිවස තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන්.

ඔහුගේ රිවෝල්වරය බිම වැටී එය ක්‍රියා විරහිත වී උණ්ඩය ඔහුගේ දණහිසට පහළින් වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ තනිව සිට ඇති අතර සිද්ධිය වන විට කොල්කටා බලා පිටත්ව යාමට සූදානම් වෙමින් සිටි බව ඔහුගේ කළමනාකරු ප්‍රකාශ කළේය.

පසුව, ඔහු ප්‍රතිකාර සඳහා මුම්බායි හි ක්‍රිටෙකෙයාර් රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ඔහුගේ කළමනාකරු ප්‍රකාශ කර තිබෙනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img