ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ද රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
76 හැවිරිදි රාජිනි ඊයේ (30) රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහල හෝ ඔහුගේ පවුලේ අය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
සුපිරි තරු රජිනිකාන්ත් මේ දිනවල චිත්‍රපට දෙකක කාර්යබහුලව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මීට දශකයකට පමණ පෙර මෙම සුපිරි තරුව සිංගප්පූරුවේදී වකුගඩු බද්ධ කිරීමකටද ලක්විය.
සෞඛ්‍ය හේතූන් මත ඔහු පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා.