Sunday, April 27, 2025

මන්දාරා – Mandara

ලංකාවේ නිසල නිල්වන් ගැමි පරිසරයත්, ජනාකීර්ණ වෛවර්ණ නගරයත් පසුබිම් කොටගෙන මැවෙන ”‍මන්දාරා”‍ සිනමා පටය ඊටම සරිලන මිහිරි නාද සංකලනයෙන් ද සංගීතයෙන්ද මනාව හැඩ වූවකි.
හසුරුවාගත නොහැකි තම කෝපාවේගයේ පිපුරුමට හසුවී සුන්නද්ධූලි කරගත් පෙම් සිහිනයේ අතරමංව අපේක්ෂා භංගත්වයට පත්වූ සිවිල් ඉන්ජිනේරු ”‍විශ්ව”‍ ගේ සහ පේ‍්‍රමයම පසුපස හඹාගොස් දිනනු නොහැකි වූ අති දක්ෂ ක‍්‍රීඩා තාරකාවක වන සුරූපී ”‍මන්දාරා”‍ ගේ දෙපසකට දිවෙන ජීවිත මාවත, තම කුරිරු මාමාගේ මරණ වරෙන්තුවෙන් ගැලවී වික‍්‍රමාන්විතව පලායන ”‍යශෝරා”‍ නම් අවිහිංසක අනාථ දැරියගේ ඉරණම හා පැටලෙන්නේ අහම්බෙනි. හදිසියේම ඇතිවෙන නව ජීවන සබඳතා මේ තිදෙනාගේම කතාව අමුතුවෙන්ම ලියැවෙන තැනකට ජීවිත පොතේ පිටු පෙරලවනු ”‍මන්දාරා”‍ චිත‍්‍රපටය තුලින් අපි දකිමු. විශ්වගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් ද, මන්දාරාගේ ආදරයට නව අරුතක් ද, අනාථ දැරිය යශෝරාට, ඇයට උරුම ධනයද හිමිකර දෙන්නට ඉරණම ඉඩ හරියිද?

අශෝක හදගමයන්ගේ ” රාණි...

ඇල්බොරාදා - අක්ෂරය - ඉනි අවන් ඔබ වෙත ගෙනා...

ගෞතම බුද්ධ මාතා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ගෞතම බුද්ධ මාතා, තිලංග...

“සෝලෝ ටවුන්”

ආදරයෙන් පිරුණු මායම් නගරයේ කථාව සොලෝ ටවුන්...

බෆලෝ ට්‍රැවල්ස් – Buffalo...

ඔක්තෝම්බර් 25 වන දා සිට දිවයින පුරා.. බෆලෝ ට්‍රැවල්ස් -...

ගිනිඅවි සහ ගිනිකෙළි –...

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන, මැර දේශපාලන...

පාස්පෝර්ට් – Passport

කතාව ,තිර රචනය සහ අධ්‍යක්ෂණය Chris Antony නිෂ්පාදනය :- ආචාර්ය විරංජිත්...