Sunday, April 27, 2025

දෙවැනි ටෙස්ට් තරඟයේ නවකයෙකුට අවස්ථාවක්

Published:

හෙට (26) දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට හෙට දිනයේ දී මංගල ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ද නවක ක්‍රීඩක නිශාන් පීරිස්ට අවස්ථාව උදා වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව හෙට තරගයට දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස් සහ අසිත ප්‍රනාන්දු එක් වනු ඇති.

විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක් ව තිබෙනවා.

මීට පෙර නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63කින් ජය ගත්තා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img