Sunday, April 27, 2025

මම තනිකඩයි. නේවි කොල්ලෙක් බැඳපු දුලානි අනුරාධා කියන කතාව

Published:

ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අබා සිනමා පටයෙන් හා හා පුරා කියලා රංගනයට පිවිසෙන ඇයසිනමා කර්මාන්තය තුළ කොතෙක් දුර ගියාද කියනවා නම් ඇය සිනමා උළෙලවල් දෙකකම හොඳම නිළිය සම්මානයට පාත්‍ර වුණා.

එතනින් නොනැවතෙන ඇය ටෙලි නිර්මාණ කීිහිපයකටත් සිනමා නිර්මාණයන් රැසකටත් තමන්ගේ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.ඒත් එක්කම පසුගිය කාලේ දුලානි සහභාගී වන සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් අපිට දකින්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඇත්තටම මේකට ඇයි කියලා අහපුවහම ඇය ඇයගේ වෘත්තිය ඒ කියන්නේ ඇයගේ ගුරු වෘත්තියත් එක්ක ටිකක් කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා.ඇය නර්තන ගුරුවරියක් පුංචිකාලෙ ඉඳන්ම ඇය නටන්න ආසයි. ඒ වගේම ඇයගේ මුල්ම පත්වීම ලැබෙන්නේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයට.මේ වන විට ඇයගේ ගුරු වෘත්තියට අවුරුදු දා හතරක්.ඇය ඒ වෘත්තියට හරිම ආසයි සහ කැමති.

ඉතින් මේ දක්ෂ සුන්දර කලාකාරිනිය 2020 වර්ෂයේ දී විවාහ වෙන්නේ නාවික හමුදාවේ සේවයේ නියුතු කඩවසම් තරුණයෙක් සමඟයි.හැබැයි මේ වන විට නම් ඇය ඒ ආදරය සහ විවාහය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා. ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි.”

කෙසේ නමුත් ඇයගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img