Sunday, April 27, 2025

විවාහ වී වසර තුන හමාරක් වුණත් කුමරි බඹසර රැකුනු බිරියක් දික්කසාද වෙන්න ඇවිත්

Published:

සමහර වෙලාවට කියන කතා තදින් හිතට කා වැදුනොත් සිදුවෙන්නේ  අපේ ජීවිතයටත් අසාධාරනයක්.

මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.

ඔහු 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු පළමු විවාහයේ බිරිය මිය යෑමෙන් පසුව වසර දෙක, තුනකට පසු නැවත විවාහයක් සඳහා කාන්තාවක් සොයමින් සිට ඇත.

ඒ අතරේ 29 හැවිරිදි තරුණියක් මුණගැසී ඇය හා විවාහ වී තිබේ. ඔවුන් දෙදෙනාගේ යුග දිවියට අද වන විට වසර තුනහමාරක් ගතව ඇත. එහෙත් එම කාලය ඇතුළත කිසිම දිනෙක ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස හැසිරී නොමැත.

මේ පිළිබඳව දෙදෙනාම එක්වී තීරණයක් ගෙන ඇත්තේ සුහදව දික්කසාද වීමටය. ඒ සඳහා මෙම අඹුසැමි යුවළ වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ පැමිණිල්ල කර සිටියහ.

සැමියා සහ බිරිය යන දෙදෙනාම කැමැත්තෙන් දික්කසාද වීම සඳහා පොලිසියේ අවසරය පැතූහ.

මෙහිදී විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසින් දෙදෙනාගෙන්ම කරුණු විමසා නැවත වෙන වෙනම ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කොට තිබේ. එහිදී හෙළි වී ඇත්තේ විවාහ වී ගත කළ පසුගිය වසර තුනහමාර ඇතුළතදී ඔවුන් අඹුසැමි සබඳතා පවත්වා නොමැති බවය.

සැමියා පවසා ඇත්තේ තම බිරියගෙන් ඒ සඳහා එකඟතාවක් නොලැබෙන බවයි. බිරිය පවසා ඇත්තේ මීට ඉහතදී තම යෙහෙළියක් විසින් විවාහ වීම අතිශය භයානක දෙයක් බවත් එහිදී අමිහිරි සහ ඉතා වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවන බවත්ය.

එදින පටන් තමා විවාහ වීමට ඉතා බියක් දැක්වූ බව ද අඹු සැමි සබඳතා පැවැත්වීම සඳහා මනස සකස් කර ගැනීම අසීරු කාර්යයක් බවත් ඒ කෙසේ වෙතත් තමා සැමියාටත්, සැමියා තමාටත් ආදරයෙන් සිටි බවත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දෙදෙනාම කැමැත්තෙන් නීතියෙන් විවාහ වීම සඳහා දික්කසාද නඩුවක් පැවරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය පවසයි.

ස්ථානාධිපතිපතිවරයා පවසා සිටියේ මෙවැනි මිථ්‍යා මත පතුරවමින් කවුරුන් විසින් හෝ කර ඇත්තේ බරපතල සමාජ අපරාධයක් බවත් මෙම සිද්ධිය නිසා අහිංසක පවුලක් කඩාබිඳවැටීමක් වූ බවත්ය

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img