Sunday, April 27, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට නැවතත් උත්සාහයක්

Published:

ඇමරිකාවේ හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට නැවතත් උත්සාහයක් ගෙන ඇති බවට වාර්තා වනවා.

ෆ්ලොරීඩාවේ ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටියේ දී මෙම උත්සාහය ගෙන ඇත්තේ රයන් වෙස්ලි රවුත් නම් 58 හැවිරිදි අයෙක්. ඔහුව බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ප්‍රභූ ආරක්ෂක සේවය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් සිටි අතර ඔවුනට පඳුරක් අස්සෙන් තුවක්කු කටක් මතුවූ අයුරු නිරීක්ෂණය වී තිබෙන්නේ ඒ අවස්ථාවේයි. ඒ අනුව ප්‍රභූ ආරක්ෂකයින් වහා ක්‍රියාත්මක වී තිබෙනවා. වෙඩික්කරුවා වෙඩි කිහිපයක් තබා වාහනයක නැගී පළාගිය අතර ඔහු එසේ පළායන අතරතුරදී අත්අඩංගුවට ගැනුණා.

ඔහු විසින් AK-47 වර්ගයේ රයිෆලයක්, කුඩා ගමන් මළු දෙකක් සහ ගෝ ප්‍රෝ කැමරාවක් ද රයිෆලයකට සවි කරන නිරීක් ෂකයක් ද දමාගොස් තිබියදී සොයාගනු ලැබුණා.

එම පුද්ගලයා නිරීක්ෂණය වන අවස්ථාව වනවිට ට්‍රම්ප් ඔහුට යාර 300 ක් – 500 ක් තරම් ඈතින් සිටි බවයි වාර්තා වූයේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img