Sunday, April 27, 2025

අසුර නිකායට අයත් භූතයින්ට වෙදකම් කළවෛද්‍යවරු දෙදෙනෙක්

Published:

දට අවුරුදු 40 කට පමණ ඉස්සර කොළඹ මරදානේ හිටිය ගුණවර්ධන කියල දොස්තර මහත්තයෙක්. එයාට ප්‍රයිවෙට් ඉස්පිරිතාලයක් හෙමත් තිබුනා. දවසක් රෑ 09 ට විතර දුප්පත් මිනිහෙක් ආව. ඇවිල්ල අතේ දොස්තර මහත්තයො, අපේ බබලතා දරුවෙක් වදන්න ගිහිල්ල දුක් විඳිනවා. වේදනාවෙන් කෑ ගහනවා. මං මේ ආවෙ ඔබතුමා එක්කන් යන්න. අනේ පිංසිද්ධ වෙනව දොස්තර මහත්තයො, මම දුප්පත් මිනිහෙක්. මට සල්ලි නම් නෑ. මට උපකාර කරන්න. මගේ ගෑණියි මගේ දරුවයි බේරල දෙන්න කියල බැගෑපත් උනාලු හරියට. දොස්තර මහත්තයත් ඉතිං හා හොඳයි කියල උවමනා කරන බේත් හේත් ඔක්කොමත් අරගෙන කාර් එකෙන් අර මිනිහත් එක්ක පිටත් වෙලා ගියා. අර මිනිහ පාර පෙන්නුවලු. ඉතිං ඔහොම ගිහිල්ල බොරලැස්ගමුවට ටිකක් ඉපිටින් කාර් එක නැවත්තුව. කාර් එකෙන් බැහැල බලාපු කොට මහ පාළු ප්‍රදේශයක්. කිට්ටුවක එළියක් නෑ. ටිකක් කැලෑබද ප්‍රදේශයක් කියල හිතුනලු. පාරෙත් ටිකක් එහායින් පොඩි එළියක් පෙනෙන්න තිබුතලු. දොස්තර මහත්තය ලඟ ටෝච් එකක් තිබුත. දැත් අර මිනිහත් එක්ක වෝච් එක ගහ ගහ හරස් පාර දිගේ ගියා. ආ… අන්න අතනගේ කියල අර මිනිහ ගේ පෙන්නුවලු. ගෙදරට ගිහිල්ල බලාපු කොට පොඩි දුප්පත් ගෙයක්. ගේ ඇතුළෙ පුංචි කුප්පියක් පත්තු වෙනවා. මිටි ඇඳක අම්මණ්ඩි කෙනෙක් කෙඳිරි ගාමින් ඉන්නවා. ඉතිං දොස්තර මහත්තය බැලුව. බලල බෙහෙත් දුත්ත තවත් මොනවද සාත්තු සප්පායම් වර්ගයක් කළා. ටික වෙලාවකට පස්සෙ දරුව උපන්න. ඉතිං ඒ දරුවටත් ඒ මව්ටත් කළ යුතු සත්කාර කරල බෙහෙත් එහෙමත් දිල සල්ලිත් කීයක් ද දිල මේ දොස්තර මහත්තය ආපහු එන්න පාරට ආවලු. පාරට ගිහිල්ල කාර් එක ස්ටාට් කරන්න හැදුවට කාර් එක ස්ටාට් වුනේ නෑ. ඉතිං මෙයා ඇන්ජිම බැලුව වරදක් පේත්තත් නෑ. කිහිප වරක් උත්සහ කළා. ඒත් ස්ටාට් වෙන්නෙ නෑ. දැත් තනියම නිසා මොකවත් කර ගන්න දෙයක් නෑ. ටිකක් කල්පනා කරා

මොකක්ද මේ බාධාව කියල. එතකොට මතක් උනාලු තමන් ගෙනා බෙහෙත් මලු දෙකෙන් එකක් අර ගෙදර අමතක වෙලා ආව නේද කියල.

ඔහොම ටිකක් ඉන්න කොට පාරෙ මිනිහෙක් ආව. ඒ මිති හට කථා කරල ටෝච් එකත් දිල කිව්වලු අත්ත අර ගෙදරට ගිහිල්ල මගේ බඩුවක් ඇති ඒක ඉල්ලගෙන එන්න කියල. කොයි ගෙදරද කියල අර මිනිහ ඇහුවලු. ඉතිං අත්ත අර ගෙදර කියල කිව්වලු. අර මිනිහ අනේ බුදු මහත්තයෝ, ඒ ගෙදරට නම් යන්න බෑ. ඕක මේ භූතයො, අමනුස්සයො ඉන්න ගෙයක්. ඕකෙ හරියට හොල්මන් තියෙනවා. කවුරුවත් ඕකට යන්නෙ නෑ. ඕකෙ දවල්ටත් හොල්මන් තියෙනවා කියල කිව්වලු. ඉතිං දොස්තර මහත්ය කියල තියෙනවා අර බෙහෙත් කරපු විස්තරේ සේරම. ඒත් අර මිනිහ ඔය ගෙදෙට්ට නම් යන්නම බැහැ කියල ගියාලු යන්න. මහත්තය ඕන එකක් කර ගන්න කියල.

පස්සෙදී මේ දොස්තර මහත්තය චෝට් එකත් අරගෙන ගියා අර ගෙදරට. ගිහිල්ල බැලුවලු. බැලු කොට අර කලින් යද්දි තිබුණු ඇඳත් නෑ. අර අම්මණ්ඩිත් නෑ. අර මිනිහත් නැ. ලාම්පු කුප්පියත් නෑ. අර ළමයත් නෑ. නිකං පාලු ගෙයක් විතරලු තිබුනේ. අර තමන්ට අමතක වෙලා ගිය බෙහොත්මල්ල නම් තිබුතලු. දැත් ඉතිං මේ දොස්තර මහත්තයට තේරුම් ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියල. ඉක්මනින් ආව කාර් එකට. දැන් කාර් එක ස්ටාට් වෙතව. පුළුවන් තරම් ඉක්මනට ගියා ගෙදර ගෙදර ගියා විතරයි මේ මහත්තයට උණ හැදුනා. බෙහෙත් බව. නමුත් උණ බැස්සෙ නෑ. ඉතිං රාත්‍රී එහෙමම ඉඳල ඊට පස්සෙන්දා මේ මහත්තය කොළඹ මහ ඉස්පිරිතාලෙට ඇතුල් උනා. මෙයාගෙ යාලු දොස්තර මහත්තරු අහල තියෙනවා මේ කාරණේ. ඉතිං මේ විස්තරේ කියල තියෙනව. දිනමිණ පත්තරෙත් ගියා මේ විස්තරේ දොස්තර ගුණවර්ධන යක්කුන්ට වෙදකම් කරත්ත ගිහිල්ල උණ හැදිල කියල.

මේ ප්‍රවෘත්තිය බුද්ධගයාවෙ වෙච්ච එකක්. බුද්ධගයාවේ විහාරෙ තියෙන පැත්තෙ ටිකක් ඉහළට නැගල යන කොට පිට්ටනියක් තියෙනවනෙ. අන්න ඒ හරියෙ දිගට කඩ මණ්ඩියක් තියෙනවා. මේ කඩමණ්ඩියෙ හිටිය බොහොම දක්ෂ දොස්තර මහත්තයෙක්. දවසක් රෑ මේ දොස්තර මහත්තය හමුවෙන්න ඇවිත් තියෙනවා මිනිහෙක්. ඇවිල්ල උන්නැහේට කිව්වලු, දොස්තර මහත්තයො, අපේ තුවාල කාරයො වගයක් ඉන්නව. අපට ප්‍රතිකාරගන්න ඕනැ. මං ගමන් වියදමට රුපියල් 50 ක් ගෙවන්නම් කියල. ඉතිං දොස්තර මහත්තයත් හා… හොඳයි කියල බේත් හේත් ටිකක් අරගෙන අර මිනිහත් එක්ක නැග්ගලු කාර් එකට. බුද්ධගයාවෙ ඉඳල ටිකක් දුර ගියාලු. බුදුහාමුදුරුවන්ට උපක ආජීවකය හමු වුන හරියෙදි කාර් එකෙන් බැහැල දැන් යනවලු අර මිනිහත් එක්ක. ගිය කොට මහා ගෙවල් ගොඩක්හු. ඉතිං මෙයා කල්පනා කළාලු මේ කොහේද කියල. කවදාවත් ඉස්සර මේ ගෙවල් දැකල නෑ. මෙහෙම තැනක් මෙහේ නෑ නෙවද කියලත් හිතුනලු ඉතිං මහා ලොකු ශාලාවකට අඬ ගහගෙන ගියාලු.

ගිහිල්ල බලාපු කොට මහා රාශියක් මිනිස්සු. සිය ගණතක් මිනිස්සු ඉන්නව. සමහරුන්ගෙ අත් කැඩිල. සමහරුන්ගෙ කකුල් කැඩිල. මහා ලොකු තුවාල තියෙනවා. මේ මොකඳ කියල ඇහුවම මුං කපාකොටාගෙන කියල අර මිනිහ කිව්වලු. මහ විශාල තුවාලකාරයො පිරිසක්. මුන්නැහෙට මුන්ගෙ හැටියෙන් තේරුණලු මුං නම් මනුෂ්‍යයෝ නෙවෙයි කියල. මම ගෙනා බෙහෙත් මදි මුන්ට වෙදකම් කරන්න. මා ලඟ මෙච්චර බෙහෙත් නෑ. මට බෑ වෙදකම් කරන්න. වෙන කාට හරි කියපල්ලා කියල මේ දොස්තර මහත්තය ඉක්මනට ආපහු ගෙදර ගියාලු. ගෙදර ආ කොට ගෙයි දොරකඩ අර මිනිහ ඉන්නවා. කොහොම ආවද දන්නෙ නෑ. ඉතිං දොස්තර මහත්තය බය උනා නොවැ ඕක දැකල. බයවෙන්න දෙය ඕක. වෙදකම් කරන්නනෙ තිබුනෙ කියල මං පොරොන්දු උතාතේ දොස්තර මහත්තය රුපියල් 50 ක්. ආ.. මෙන්න ඒ රුපියල් පතහ කියල සල්ලිත් දිල ඒ මිනිහ ගියාලු යන්න.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img