ලෝකය පුරාම සිටින google පරිශීලකයන් වැඩිම පිරිසක් search කරපු නමක් තමයි සනී ලියොන් කියන්නෙ.. මෙ නම ඇහුණ සැනින් සමහරුන්ට නම් හරිම රසවත්. තවත් අයට නම් ඒක එහෙම නැ සනී ලියෝන් පස් වැනි වරටත් ඉන්දියාවෙ වැඩිම සෙවුම් වාර ගණනක් සෙවූ චරිතයක්. ඒත් එයා දැන් අම්මා කෙනෙක්. වාර්තා වල සඳහන් වෙන විදිහට 2016 වසරේ නිකුත් කෙරුණු ලෝකයේ බලගතුම කාන්තාවන් සියදෙනා ගෙ ලයිස්තුවේ ත් ඇය ඉන්නවා. පෙර වැරදි තියෙද්දී කොහොමද සනී ලියොන් හරි පාරට ආවෙ.
නිල් චිත්රපට නිලියක් විදිහට අවමානයට ලක් වී සිටි ඇය ගැන නොදන්නා විස්තර ටිකක් මම අද කියන්නම්…
ඉන්දියාවෙ සමාජ ක්රියාකාරීන්, ආගමික කණ්ඩායම් වල දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් උන සනී ඉන්දීය සිනමාවේ රජු ලෙස හදුන්වන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සමග කරපු Music Video එක බොලිවුඩයම හොල්ලන්නට සමත් උන අතර එය ඇත්තටම සනී ගෙ හැරවුම් ලක්ෂ්යය විදිහට හදුන්වා දෙන්න පුලුවන්.
සනී ලියෝන් කියන මෙ ගැහැණිය මොන මොන කතා තමන්ට අහගන්න උනත් හිත හයිය කාන්තාවක් විදිහට ඒවාට නොසැලී මුහුණ දෙන ගමන් සාර්ථක ව සමාජය ඉදිරියේ පෙනී ඉන්නවා. හිත ඒ විදිහට හයිය නැති උනා නම් සමාජයක් ඉස්සරහ මුහුණ දීගන්න බැරුව බියෙන් මුළු ගැන්විලා නැත්නම් මානසිකව කඩා වැටිලා එහෙමත් නැත්නම් සියදිවි හානිකරගෙන.
හැබැයි එයා එහෙම කරගත්තෙ නැහැ. සනී තමන්ගේ ජීවිතය ධනාත්මක පැත්තට පෙරලා ගන්නවා. එයා තමන්ගේම කියලා Cosmetics business එකක් පටන් ගත්තා පිලිකා රෝගයෙන් අසරණ වෙලා රෝගීන්ට බෙහෙත් අරං දෙනවා මුදල් ලබා දෙනවා , ඉන්දියාව තුළ වැඩි වශයෙන් සිද්ද වෙන බාල අපරාධ, ස්ත්රී දූෂන වලට එරෙහිව වැඩ කලා. ඒ විතරක් නෙවයි කිසිම කෙනෙකුගේ හව්හරණක් නොමැතිව අසරණ වුන බල්ලන්ට පූසන්ට පිහිටක් උනා. අසරණ දරුවො පවා හදාගන්න ගත්තා.
ඉන්දියාවෙ Barbie doll , ලෝකයේ ගිනි සිළුව මෙ විදිහට තමන්ගේ ජීවිතය උඩුයටිකුරු කරගත්ත රහස මොකක්ද..? දෙමාපියන්, නෑ හිතමිතුරන් , සහෝදරයන් තමන්ට අහිමි වෙද්දී ආදායම් බදූ දෙපාර්තමේන්තුවක පොඩි Job එකක් කරපු ලෝකෙම හදුනන සනී ලියෝන් අද පෙන්වන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා වන ඩැනියෙල් වෙපර් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ සෙවනැල්ල වැටෙන ගැහැණියකට ලෝකය හොල්ලන්න පුලුවන් වගේම ලෝකයම අල්ලෙ නටවන්නත් පුලුවන් කියන එක සනී ඔප්පු කරලා පෙන්නුවා.
සනී වගේ කෙනෙක් එක්ක රඟපාන්න ශාරුක් ඛාන් කැමති උන එකම පිරිමියෙක් විදිහට ගත්ත මාරම Risk එකක් විදිහට තමයි මට නම් හිතෙන්නේ. සනී ලියෝන් කියන කෙනාට ඒ කාලේ වෙද්දී සමාජෙ තිබුණ තැන එක්ක හරියට මේක පත්තු උනා නම් ශාරුක් ඛාන් ගෙ සිනමා ජීවිතය සමහරවිට නවතින්න උනත් ඉඩ තිබුනා. මිනිස්සුන්ගේ කතා ගැන වැඩි තැකීමක් නොකරපු ශාරුක් ගැහැණියකට උපරිම ගෞරවය දුන්නා. සනී වෙනුවෙන් හෑලි ලියනවා කියල ඔයාල හිතන්නෙපා.. ගැහැණියකට වටිනාකමක් දෙන්න පුලුවන් පිරිමියා වෙනමම චරිතයක්.
මෙ පණිවිඩය ගලපලා බලන්න ඕන අපේ රටෙ සමාජයත් එක්ක දරුවෙක් නැති උන දරුපල ප්රමාද උන ගමන් පිට අයටත් කලින් ආඩපාලි කියන්න ගන්නෙ තමන්ගේම මිනිස්සු. එහෙම කරන්නෙ නැති දෙවිවරු වගේ අයත් ඉන්නවා. බිරිද වෙන්නම ඕන නැ කාන්තාවක් වෙනුවෙන් පෙනී ඉන්න හයියක්, හොඳ කෂේරුකාවක් තියෙනවා නම් පිරිමියෙක් විදිහට එච්චරයි…
තමන්ගේ පෙර වැරදි තියාගෙන කොහොමද ඇය හරිපාරට ආවෙ කියන ගැටලුවට අපි ඉඩ තිබ්බා. ඒකට උත්තරෙ තමයි ඒ තමන්ගේ බිරිඳ සොහොයුරිය යෙහෙළිය විශ්වාස කරපු පිරිමි නිසා…
