Saturday, April 26, 2025

ඔයත් ඉන්නේ Toxic Relationship එකකද ?

Published:

ඇත්තෙන්ම මොකද්ද මේ toxic මිනිස්සු කියල කියවෙන කාරණාව. කවුද මෙයාලා. මේ අය හමු වුනොත් ඔයාගේ ජීවිතේ දී ඔයාට මොනවගේ දෙයක් සිද්ද වෙන්න පුළුවන් ද ? ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

Toxic සබඳතා කියන්නේ විෂ සහිත මිනිසුන් සමඟ ඇති වී තිබෙන සබඳතා වේ.
යමෙකු විෂ සහිත හෝ අපවාදාත්මක සම්බන්ධතාවයක් ඇති කෙනෙකුට එය අත් හැරීම පවා පහසු නොවේ. ඒ අත් නොහරින්නේ මන්දැයි සොයා බැලීමේ දී විවිධ තීරණවලට එන්නට පුලුවන්. නමුත් යථාර්ථය එතරම් සරල නෑ. පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයක සිටීමට තෝරා ගත හැකි හේතු රාශියක් තිබිය හැකියි. ඒ සම්බන්ධය හැර යාමට නොහැකි බව පවා ඔවුන්ට හැඟෙන්නට පුළුවන්. ඔබ Toxic Relationship සිටී නම් හෝ ඔබේ සමීපතමයෙක් එවැනි සම්බන්ධතාවයක් පවත්වනවානම් ඉදිරියේදී කළ යුතු වන්නේ කුමක්දැයි තව දුරටත් විමසා බලමු.

☝මුලින් ම එය විෂ සහිත සම්බන්ධතාවයක් ලෙස ඔවුන් හඳුනා නොගැනීම.
කුඩා කාලයේදී විෂ සහිත සම්බන්ධතා දැක තිබීම හෝ මේවා අතිශය සාමාන්‍යකරණය වී තිබීම තමන් විඳින සම්බන්ධතාවය ගැන අවබෝධයක් තිබෙන්නට නොහැකි වෙන්න පුළුවන්. ඒ වගේම විෂ සහිත බව අතර යහපත් ව දකින්නට උත්සාහ කිරීමෙන් ද විෂ සහිත බව යටපත් වීමට හැකියි. ඒ වගේම පීඩකයා විසින් වින්දිතයන් නිරන්තරයෙන් වැරදි බව හැඟවීම නිසා සම්බන්ධතාවය තුළ වැරැද්ද ඇත්තේ තමන්ගේ බව සිතන්නට පුළුවන්.

☝විෂ සහිත පුද්ගලයා තමන්ට හානි කරාවියැයි පවතින බිය
මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. මෙවැනි සහකරුවන් තමන්ට හෝ තම සමීපතමයන්ට හානි කරන්නට ඇති ඉඩ ගැන බියෙන් සමහරු ඒ සම්බන්ධතාවය අවසන් නොකරන්නට ප්‍රවේසම්.

☝රිදවන තරමට ආදරය කිරීම හෝ සමාව දීම.
සමහර විෂ සහිත අය රිදවන තරමටම ආදරය කරනවා.දරුණු කායික හෝ මානසික පීඩාවකින් පසු ආදරය දැනෙන්නට හැසිරීම නිසා සහකාරියට ඔහු අත් හැර දැමීම අපහසු වෙනවා.

☝ආත්මාභිමානය අඩු වීම
විෂ සහිත සම්බන්ධතාවයක පැටලී සිටියදී ආත්ම අභිමානයට දරුණු ලෙස පහර එල්ල වෙනවා.”මං හිටියට තමුන් එක්ක වෙන කවුරුත් ඉන්නේ නෑ. තමුන් කොච්චර කැත මනුස්සයෙක්ද?” වැනි චෝදනා නිසා සැබෑවටම තමන් කිසිම වැද ගැම්මකට නැති තැනැත්තියක ලෙස සහකාරියට සිතෙන්නට පුළුවන්.

☝ස්ථිර ආදායමක් නොමැති වීම හෝ ආදායම ප්‍රමාණවත් නොවීම.
මෙය ද දරුණු ගැටලුවක්. බොහෝ අවස්ථා වල කාන්තාව කිසිම ආකාරයකින් ආර්ථික සවිමත් භාවයකින් තොර වූ විට තමන්ගෙ විෂ සහිත සම්බන්ධතාවය අවසන් කිරීමට ඇයට ධෛර්යයක් ඇත්තේ නැහැ. මෙසේ කටයුතු වලට වැඩි වශයෙන් වියදම් කරන්නේ පිරිමියා නම් කට වසාගෙන සිටීමට එයද හේතුවක් වනවා. එය එමෙන් ම අනෙක් පාර්ශවයට ද විය හැක. ආදායම උපයන්නේ ගැහැණිය නම් එයින් පිරිමි පාර්ශවය නිරන්තරයෙන් පීඩාකාරි වචන වලින් මානසිකව අගතියට පත් වේ.

☝අනෙකාගේ අතීත තුවාල වලට ආදරය කිරීම
“එයාට තිබිල තියෙන්නේ බොහොම දුක්බර ළමා කාලයක්,මං වත් නැත්නම් එයාට කවුරුත්ම නැහැ, එයාගේ කලින් ගෑනු ගෑණු ළමයාට ගොඩක් රිදවලා තියනවා. ඒ නිසා තමයි එයා මේ විදියට මාව සැක කරන්නේ.” වැනි කතා කියන්නියන් ඔබට මුණ ගැසී ඇති සමහරවිට ඔබ එවැනි කතා කියන කෙනෙක් වෙන්නට ඇති. සහකරුගේ අතීත තුවාල නිසා ඔහුගේ විෂ සහිත බව දරා ගත යුතුම බව සිතීමත් ගැටලුවක්.

☝තත්වය යහපත් වන තුරු බලා සිටීම
“එයා කවදා හරි හැදෙයි” මෙන්න මේ වාක්‍ය විස්වාස කිරීමෙන් ද ඔබට කිසිම දවසක ගොඩ යෑමක් ලැබෙන්නේ නෑ. නිරන්තරයෙන් සමාව ලබා දෙමින් සියලු විෂ සහිත බවට හේතු කාරණා සොයා ගැනීමද ඔබට ඔබේ ප්‍රශ්නයෙන් මිදීමට හේතුවක් වන්නේ නැහැ.

☝සමාජයෙන් එල්ලවන බාධා
දික්කසාදයක් හෝ සම්බන්ධතාවයක් අත්හැර අත්හැර දැමීම සම්බන්ධයෙන් ඔබ වාසය කරන සමාජයෙන් ඔබට එල්ල විය හැකි බාධා ගැන සිතමින් ලතවීම නිසාද සමහරු මොනම ආකාරයක වත් විෂ සහිත සම්බන්ධතා අවසන් කරන්නේ නැහැ.

☝දරුවන් සම්බන්ධ ගැටලු
සමහර අවස්ථාවලදී එකම හේතුව වන්නේ දරුවන්. දරුවාට තාත්තා නොමැති වී යාම කියන කාරණාව ඉස්මතු කරගෙන සැමියාගේ සියලුම විෂ සහිත බව දරාගෙන සිටින්නට කාන්තාවන් හුරු පුරුදු වී සිටිනවා

ඒ හැම කාරණාවක්ම සිදුවිය හැකි මට්ටමේ පවතින කාරණා. නමුත් හොඳින් සිතා බැලුවොත් ඒ හැම අවස්ථාවකදීම ගැටලුවට පත් වන්නේ ඔබ නේද? අන්න ඒ නිසා ඔබ කළ යුතු වන්නේ විෂ සහිත සම්බන්ධතාවයක සිටිනවානම් උපදේශනයක් ලබා ගෙන එය නිවැරැදි කර ගැනීමට උත්සාහ දැරීමයි. එසේ නොමැති නම් “Run” පසු නොබලා දුවනවා හැරෙන්නට ඔබට කිසිම විකල්පයක් නැති බව මතක තබා ගන්න.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img