ලංකාව තුළ ලියාපදිංචි නොකළ ජංගම දුරකතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා පවසන පරිදි ජනවාරි මස 28 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි නොකළ ජංගම දුරකතන තහනම් කිරීම සිදු වේ. ඒ මහජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් බවයි.
එහි දී, දැනට භාවිතා කරන කිසිම දුරකතනයක් ජනවාරි මාසේ 28 ක්‍රියාත්මක වෙන නව පියවර අනුව අවහිර කිරීමකට ලක් කරන්නේ නැත. එනිසාවෙන්, ඒවා භාවිතා කරනු ලබන ජනයාට කිසිඳු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය නොවේ.
නමුත් ජනවාරි 28 වෙනි දාට පස්සේ මිල දී ගන්න ජංගම දුරකතන අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ ලියාපදිංචි කළ යුතුයි.

ලංකාවේ භාවිතා කරන සියලුම ජංගම දුරකතනවල IMEI විදුලි සංදේශන කොමිෂන් සභාවේ දත්තවල තිබේ. ඒ දත්ත හා ජංගම දුරකතන සේවා සපයන්නන්ගෙන් ජංගම දුරකතනවලට ලබා දී ඇති සිම්පත් වල සඳහන් වෙලා තියෙන IMEI අංක වයිට් ලිස්ට් එකකට ඇතුළත් වේ. ඒ ආකාරයට දැනට තියෙන ජංගම දුරකතනවලට නීත්‍යනුකූලභාවයක් ලබා දීමක් සිදු වේ.
ඉන් පසු නව දුරකතන ලියාපදිංචි ද නොමැති ඒවා ද යන්න හඳුනා ගත හැකිවේ.
මෙහි ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ, රටට නීත්‍යනුකූල නොවන ආකාරයේ ජංගම දුරකතන ගෙන ඒම වළක්වාලීමයි. එම නීතිය තදින් ම ක්‍රියාත්මක වන බව, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
පාරිභෝගිකයෙකු ජනවාරි මස 28 වන දායින් පසුව මිල දී ගනු ලබන ජංගම දුරකතනයක්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබේ ද කියා දැන ගැනීමට හැකි වන්නේ මෙලෙසයි. ඒ අනුව නව ක්‍රමවේදය අනුව ජනවාරි 28 වන දායින් පසුව මිල දී ගන්න ජංගම දුරකතනයකට සිම් පතක් ඇතුළත් කළාම ස්වයංක්‍රීයව ඒ මිලදී ගත්ත දුරකතනය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් නෙවේ නම්, කෙටි පණිවිඩයක් ලැබෙනවා.
එම කෙටි පණිවිඩය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරිභෝගිකයාට යොමු කරයි. අද වන විට රටේ සිදුවන වංචා ක්‍රියාවන් රැසකට හේතුව වෙලා තිබෙන්නේ ජංගම දුරකතනයි. මෙනිසාවෙන්, ජංගම දුරකතනය නිත්‍යානුකූල එකක් වීම පාරිභෝගිකයාගේ ආරක්ෂාවට වැදගත් බව තවදුරටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.
මෙරට සිටින පුද්ගලයෙකුට ත්‍යාගයක් වශයෙන් හෝ විදේශ රටකට ගොස් ආපසු පැමිණෙන විට පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන එන ජංගම දුරකතන ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට අවස්ථාවක් තිබේ.
ලංකාවේ ඉන්න ඥාතියෙක්ට තෑගී දෙන්න හෝ තමන්ගේ පාවිචියට විදේශ රටක සිට අරන් එන ජංගම දුරකතන කිසිම බාධාවකින් තොරව ලියාපදිංවි කරන්න අවසර තිබේ. එතැනදී අදාළ ජංගම දුරකතනය මිලදී ගත්ත රිසිට් පත හෝ නැතිනම් ලියුමක් හරි තිබ්බනම් මේ දුරකථනය කිසිම බාධාවකින් තොරව ලියාපදිංචි කිරීම සිදුකරන්නට හැකි වේ.
ව්‍යාපාරිකයින් මෙවැනි අවස්ථාවලදී තමන්ගේ වෙළෙඳ අභිලාෂයන් ඉටු කර ගැනීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි.
මෙරටට සංචාරය කිරීමට පැමිණි විදේශිකයින් සිය පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන එන ජංගම දුරකතන සඳහා මේ නීතිය ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි. විදේශිකයන් මෙරටට පැමිණෙන විට එම දුරකතන රේගුවට වාර්තා වේ. එම විදේශිකයන් ඔවුන්ගේ ජංගම දුරකථනයට සිම් පත් ලබා ගන්නේ තම විදේශ ගමන් බලපත්‍රය ලබා දීමෙනි. එම සිම් පත ලබා ගන්නා විට එම දුරකථනයේ IMEI එක රෙජිස්ටර් වේ.

මේ හේතුන් නිසා අඩුවට දුරකතනයක් මිල දී ගන්න බැරි වෙයි ද?
අද වන විට වෙළෙඳපලේ ජංගම දුරකතන මිල ගණන් පරීක්ෂා කිරීමේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති ජංගම දුරකතන විකිණීම සිදුකරන අලෙවිකරුවන් පාරිභෝගිකයින්ගෙන් අය කරන මිලට සාපේක්ෂව අඩු මිලකට සාමාන්‍ය දුරකතන අලෙවිසැල්වලින් TRC ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකතනයක් මිල දී ගැනීමට හැකියාව ඇත.
නව නීතිය හරහා ජංගම දුරකතන ගෙන්වීමේදී සිදුකරන ලියාපදිංචි කිරීමේදී ජනතාවට අඩු මිලකට දුරකතනයක් මිල දී ගැනීමට තියෙන අවස්ථාව අහිමි විය හැකිද යන්න විමසා බැලිය යුතු වේ. අද වන විට TRC එකේ ලියාපදිංචි කරලා කියන ස්ටිකර් එක පෙන්නලා වැඩි ගානකට දුරකතන විකුණනු ලබයි. විශාල ප්‍රමාණයෙන් දුරකතන ගෙන්වන සමාගම් අධික ලාභයක් ලබනවා. ඔවුන් එක වර විශාල දුරකතන සංඛ්‍යාවක් ඇණවුම් කරද්දී ලබන වට්ටම් කිසිවක වාසිය, ජනතාවට නොලැබේ.
නමුත් මෙම නීතිය හරහා කොමිසම පවසන්නේ, රටට ගෙන එනු ලබන සෑම දුරකතනයක්ම නීත්‍යනුකූලව ලියාපදිංචි කර පාරිභෝගියෙක්ට ඕනෑම තැනකින් එකම මිලකට මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්නට උත්සහ ගන්නා බවයි. විකුණුම්කරුවන් අතර ඇතිවන තරගකාරිත්වය එක්ක ජනතාවට අඩු මුදලකට දුරකතනයක් මිල දී ගන්න අවස්ථාව නිර්මාණය වන බවයි.

✍️මලීෂා සංදීපනී.