Saturday, April 26, 2025

මළ සිරුරු වලින් බෝනික්කන් සෑදූ මිනිසෙක්.

Published:

ඇනටෝලි මොස්ක්වින්, මියගිය දරුවන් සොහොන් බිමෙන් ගෙන විත්, “බෝනික්කන්” බවට පත් කරන ලද මිනිසෙක්. ඔහු විසින් එම මිය ගිය දරුවන්ට මේස්, ඇඳුම් සහ දණහිස දක්වා දිග සපත්තු වලින් සරසා තිබේ.

ඇනටෝලි මොස්ක්වින්ගේ දෙමව්පියන් සිතුවේ ඔහු පැරණි බෝනික්කන් එකතු කරන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් මමීකරණය කරන ලද ගැහැණු ළමයින්ය. සොහොන් පිටියෙන් සිරුරු සොරකම් කිරීමෙන් පසු, ඔහු මළ සිරුරු කල් තබා ගැනීම සඳහා ලුණු සහ බේකිං සෝඩා ද්‍රාවණයක් භාවිතා කළේය. ඉන්පසු ඔහු ඔවුන්ගේ පපුවේ කුහරවල සංගීත පෙට්ටි සහ ඔවුන්ගේ ඇස් කුහරවල බොත්තම් තැබුවේය. මුහුණුවල ලිප්ස්ටික් හා මේකප් ආලේප කර තිබිණි. ඔහුගේ මහල් නිවාසයේ මියගිය ගැහැණු ළමයින් 25 කට වැඩි පිරිසක් ඔහු ළඟ තිබී හමු විය.

සුසානභූමි පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති ඔහු මියගිය එක් එක් වින්දිතයාගේ උපන්දින ඔහුගේ නිදන කාමරයේ සලකුණු කර තිබුණා. රුසියානු නගරයක් වන නිශ්නි නොව්ගොරොඩ් හි මහල් නිවාසයක ජීවත් වූ ඔහුගේ දෙමාපියන් ඔහුගේ දරුණු ක්‍රියාකාරකම් ගැන කිසිවක් නොදන්නා බව කියා සිටිනවා.

සොහොන් කොල්ලකරු තම වයෝවෘද්ධ මව රැකබලා ගැනීමට සහ නව පෙම්වතියක් සමඟ ජීවත් වීමට මනෝචිකිත්සක රෝහලෙන් නිදහස් වීමට දරන උත්සාහ දරා තිබුණි. අත්අඩංගුවේ සිටියදී නඩු විභාගයකට සහභාගී වූ විට ඔහු වින්දිතයන්ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු පවසන්නේ,
“මේ දූලා නෙවෙයි බෝනික්කො. ඔවුන් තම දියණියන් භූමදාන කරලා, දැන් දරුවෝ කෙරෙහි දෙමාපියන්ගේ අයිතිවාසිකම් අවසන් වූ බව මම විශ්වාස කරනවා. ඉතින් මම සමාව ඉල්ලන්නේ නැහැ” යනුවෙනි.

මොස්ක්වින් වයස අවුරුදු තුනේ සිට 12 දක්වා ගැහැණු ළමයින්ගේ සොහොන් විනාශ කිරීමේ චෝදනා 44 කට පාපොච්චාරණය කරන ලදී. එහි දී,
“ඔබ ඔබේ ගැහැණු ළමයින් සීතලට අතහැර දමා තිබියදී, මම ඔවුන්ව ගෙදර ගෙනැවිත් උණුසුම් කළා.” යනුවෙන් ඔහු දරුවන්ගේ දෙමාපියන්ට පවසා තිබේ.

දස හැවිරිදි ඔල්ගා චාර්ඩිමෝවාගේ මළ සිරුර ඔහු හාරා මමීකෘත බෝනික්කන් බවට පත් කර තිබුණු අතර ඇගේ මව වූ 46 හැවිරිදි නටාලියා චාර්ඩිමෝවා තම දියණියගේ සොහොන් බිමට නිතිපතා පැමිණෙන විට මිනී පෙට්ටිය හිස් බව දැන සිටියේ නැත. ඇය ඔහුව නිදහස් කිරීමට විරුද්ධ වූ අතර මිය ගිය දරුවන්ව “විකාර” අපයෝජනය කිරීමත් සමඟ “මේ මිනිසා මගේ ජීවිතයට බිය, භීතිය සහ සංත්‍රාසය ගෙනාවා” යැයි පවසා තිබේ. ඇය ඔහුව සදාකාලිකව සිර කරන ලෙස ඉල්ලා සිට ඇත. ”ඔහු ඔහුගේ ජීවිතය රෝහලේ ගත කරන බව දැනගැනීම ගැන මම සතුටු වෙනවා” ඇය පැවසුවා.

ඒත් මොස්ක්වීන් දරුවන් ලැබීමට, විශේෂයෙන්ම දියණියක ලැබීමට ආශාවෙන් සිටි අයෙක්. මොස්ක්වින් තමාට කිසිදා දරුවන් නොමැති වීම ගැන බොහෝ විට පසුතැවිලි වූ අතර එක් අවස්ථාවකදී තම දෙමාපියන්ගේ අකමැත්තෙන් ගැහැණු ළමයෙකු දරුකමට හදා ගැනීමට උත්සාහ කළා.

නමුත් ඔහුගේ අඩු ආදායම හේතුවෙන් ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබේ. මොස්ක්වින් බෝනික්කන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නොදැක්වූ අතර ඒ වෙනුවට ඔවුන් තම දරුවන් ලෙස සැලකුවා. ඔහු මළ සිරුරු සමඟ කතා කළා, ඔවුන්ට ගීත ගායනා කළා, ඔවුන් සමඟ කාටූන් නැරඹුවා උපන් දින සාද පවා පවත්වන ලදී.

කෙසේ නමුත් ඔහු නීතියට අනුව වරදකරුවෙක්. මොස්ක්වින් මේ වන විටත් අත්අඩංගුවේ පසු වෙයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img