Saturday, April 26, 2025

වසර තුනකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර

Published:

2006 වර්ෂයේ දී, උතුරු ලන්ඩනයේ නිවාස සංගමයක නිලධාරීන් කුලී හිඟ මුදල් හේතුවෙන් වුඩ් ග්‍රීන් හි කාමරයක දී බිහිසුණු සොයාගැනීමක් සිදු කළහ. සෝෆාව මත වැතිර සිටියේ වසර තුනකට ආසන්න කාලයක් මිය ගොස් සිටි 38 හැවිරිදි කාන්තාවකගේ ඇටසැකිල්ලකි.

ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණ අයෙකි. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි. ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බැලීමෙන් සොයා ගෙන ඇත.

කාමරයේ කෙළවරක රූපවාහිනී යන්ත්‍රය තවමත් ක්‍රියාත්මක වෙමින්, BBC1 වෙත සුසර කර තිබූ අතර, විවෘත නොකළ නත්තල් තෑගි කුඩා ගොඩවල් බිම වැතිර තිබුණි. සේදීම සඳහා මුළුතැන්ගෙයි බේසම් ආදිය ගොඩගැසී තිබූ අතර ඉදිරිපස දොර පිටුපස කණු කන්දක් තිබුණි.

ශීතකරණයේ ආහාර 2003 කල් ඉකුත් වීමේ දිනයන් ලෙස සලකුණු කර තිබුණි. මියගිය කාන්තාවගේ සිරුර ඉතා නරක ලෙස දිරාපත් වී තිබූ අතර එය හඳුනාගත හැක්කේ දන්ත වාර්තා ඇගේ සිනහවෙන් සිටින පැරණි නිවාඩු ඡායාරූපයක් සමඟ සංසන්දනය කිරීමෙන් පමණි.

අසල්වැසියන් කිසිවෙකුත් ඇයව හඳුනන අය සිට ද නැත. එබැවින් ඇය නොමැති බව ඇත්ත වශයෙන්ම ඔවුන්ට දැනී තිබුනේ නැත. හඳුනාගත හැකි එකම දෙයක් වී තිබුණේ, නරක කුණු ගඳක් වන අතර එය මහල් නිවාසයට පහළින් ඇති කුණු බඳුන් වල ගඳ යැයි සිතා කටයුතු කරන්නට අසල්වැසියන් පෙළඹීය.

මරණය සම්බන්ධ ව අපරාධ පරීක්‍ෂණයකින් පසු ඇය ස්වභාවික හේතූන් මත මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කළත් මරණයට හේතුව තීරණය කිරීමට බොහෝ කාලයක් ගත විණ. වින්සන්ට් ඇදුම රෝගයෙන් පෙළුණු බව වාර්තා වන අතර ඇයට හදිසි අසනීප තත්ත්වක් ඇති වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.
මෙය අපරාධ ගණයට වැටෙන්නේ නෑ.


නමුත් ප්‍රශ්නයක් පමණක් ඉතිරිව තිබෙනවා. යමෙකු මිය ගොස් වසර තුනක් වෙනතුරු කිසිවෙකු නොදකින්නේ කෙසේද?

කිසිවෙකු මියයාම අතිශය සාමාන්‍ය වුණත් වසර ගණනාවක් තිස්සේ නොදැනුවත්ව සිටීම බොහෝ අභව්‍ය දෙයක්, නමුත් ජොයිස් වින්සන්ට් අභාවප්‍රාප්ත වූ බව කිසිවෙකු දැන නොසිටි බව විශේෂයෙන් අමුතු දෙයක්. ඇය 38 හැවිරිදි වියේ පසුවූවා, ඇය ඇගේ ජීවිතයේ වැඩි කාලයක් රැකියාවල නිරත වූ කාන්තාවක්. ඇයට පවුලේ අය සහ මිතුරන් සිටි අතර, මත්ද්‍රව්‍ය හෝ නීතිමය ගැටලුවක සිර වී හිඳ හෝ නැත.

චිත්‍රපට නිෂ්පාදක කැරොල් මෝර්ලි ජොයිස්ගේ අද්භූත ජීවිතය ගැන කුතුහලයෙන් සිටියාය. මෙම කුතුහලය නිසා 2011 දී නිකුත් කරන ලද ජොයිස් වටා ඇති රහස් අනාවරණය කර ගැනීම සඳහා ” Dreams of a Life “ නම් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මෝර්ලි පෙලඹුණි. අභිරහස් මරණය පිළිබඳව යම් විස්තර ලබා දිය හැකි පැරණි සගයන් වැනි පුද්ගලයින් පවා සොයා ගැනීමට සමත් විය.

1965 ඔක්තෝම්බර් 19 වෙනිදා ලන්ඩනයේ හැමර්ස්මිත් දිස්ත්‍රික්කයේ උපත ලද ජොයිස් කැරොල් වින්සන්ට් 2001 දී හේතුවක් නොදක්වා ඉවත් වන තෙක් විශාල ගිණුම්කරණ සමාගමක් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි සේවය කර තිබුණා. ඇගේ ඉවත්වීමට හේතු කිසිවෙක් හරියට දන්නේ නෑ.

ඇය තම සහෝදරියගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදුන් අතර ඇයගේම මිතුරු කවයක් ඇති බවක් පෙනෙන්නට තිබී ද නෑ, මේ අවස්ථාවේදී පුවත්පත්වල හෙළි වූයේ ජොයිස් වින්සන්ට් මිය යන විට වයස අවුරුදු 38 ක් වූ බවත්, කැරිබියන් දූපත් වලින් පැමිණි දෙමාපියන්ට දාව බටහිර ලන්ඩනයේ උපත ලැබූ බවත්, ඇගේ පවුලේ සමහරක් ඇගේ මරණ පරීක්ෂණයට සහභාගී වූ බවත් පමණි.

පවුල සම්බන්ධයෙන් ගත් කල, ඇය සහෝදරියන් පස් දෙනෙකුගෙන් බාලයා වූ නමුත් එක්සත් රාජධානියේ ජීවත් වන එකම තැනැත්තා ඇය වී තිබුණි. ඇගේ පියා වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ අතර ඇගේ මව ඇය කුඩා කාලයේදීම මිය ගොස් ඇත.

මෙතරම් තාක්ෂණය දියුණු කාලයේ කෙනෙකු ගැන දෙවසරක් තිස්සේ නොසොයා සිටීම ඇත්තටම විය නොහැක්කක්. නමුත් තමන්ගේ මිතුරු සමාජය සහ පවුල අත හැර දමන අයව සෙවීමත් අපහසු බව සත්‍යයක්.

මේ දුක්බර සහ අත්භූත කතාවේ ඉතා සංවේදී දෙය නම්, ඇය මිය ගොස් තිබුණේ රූපවාහිනිය නරඹන අතර වීමත් ඇගේ සිරුර සොයා ගන්නා විට පවා එය ක්‍රියාත්මකව පැවති බවයි.

කිසිවෙකුත් නොආ නිවසක වසර තුනකට අධික කාලයක් මළ සිරුරක් තිබියදී ඒ මළ සිරුරට තනි රැක තිබෙන්නේ රූපවාහිනියක්.

ජීවිතය මොනතරම් අමුතු තැනක් ද?

✍️මලීෂා සංදීපනී.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img