හිටපු පාපන්දු ලෝක ශූර ‘රොනාල්ඩෝ නසාරියෝ’ මේ දිනවල සිය පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම සංචාරයක නිරතව සිටියි.

පාපන්දු ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක් වන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ නසාරියෝ 2002 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය බ්‍රසීලයට උරුම කර දීමට සිය විශිෂ්ට දායකත්වය සැපයීම වෙනුවෙන් එවර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුවටද හිමිකම් පෑවේය.
බ්‍රසීල ජාතික රොනල්ඩෝ,
🔅FIFA World Cup 2 ක්,
🔅FIFA Confederations Cup 1 ක්,
🔅Copa América 1 ක්,
🔅ඔලිම්පික් ලෝකඩ පදක්කමක් සහ
🔅Ballon d’Or සම්මානය වතාවක් දෙවතාවක් දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෑත සංචාරයකදී රොනාල්ඩෝ ඔවුන්ගේ ගුවන් කාර්ය මණ්ඩලය සමඟ සිටින ඡායාරූපයක් ද බෙදා ගත් අතර, ඔහු ගුවන් යානයට පැමිණීම “සතුටක්” ලෙස හැඳින්වීය.

ඔහු සිය සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම තුලින් මෙරට පවතින සංචාරක ආකර්ෂණය සහ ආගන්තුක සත්කාර සේවාවන් හී නව ප්රවනතාවයන් ලෝකයට ගෙනයාමට සහ තවත් සංචාරකයකුට ශ්‍රී ලංකාව සංචාරට තෝරාගැනීමට මහත් උත්තේජනයක් සපයනු ලබයි.

