Saturday, April 26, 2025

දුම්බර මිටියාවතේ සුන්දරම ගම්මානය – මීමුරේ ගම්මැද්ද

spot_img

මීමුරේ යනු 500 ක පමණ ජනගහණයක් සහිත ගම්මානයකි.එය නකල්ස් කඳු වැටියේ මහනුවර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය අතර මායිම අසල පිහිටා ඇත.

මීමුරේ යනු ලූල්වත්ත ගම්මානයේ සිට කි.මී. 14 ක් හරහා එකම පිවිසුම සහිත ශ්‍රී ලංකාවේ දුර්ලභ ගම්මාන වලින් එකකි.

ලකේගල කන්ද පිහිටා ඇත්තේ මීමුර ගම්මානයේය.

මහනුවර – මහියංගනය පාර (A26) මහියංගනය දෙසට ගමන් කරන්න. මහනුවරින් කිලෝ මීටර් 35 ක් දුරින් හුනුස්ගිරිය හන්දිය සිට වමට හැරී, එතැන් සිට හුනුස්ගිරිය හන්දියෙන් කිලෝමීටර 15 ක් දුරින් පිහිටි ලූල්වත්ත ගම්මානයට යන්න.

ලූල්වත්තේ සිට මීමුරේ ගම්මානය කිලෝ මීටර් 15 ක් පමණ දුරින් පිහිටා ඇත.

මීමුරේ ගම්මානයට පිවිසිය හැකි පහසුම මාර්ගය එය වුවත් මාතලේ/නාරංගමුව/ ලග්ගල හරහා සහ හසලක/සුළුගුණේ/ දණ්දෙනිකුඹුර හරහාද වනගත මාර්ග දෙකක් පිහිටා ඇත.

නමුත් ඒවා එහි ගම්වැසියන්ගේ අඩිපාරක ලෙසට පමණක් පවතී. ඒ එහි ඇති දුෂ්කරබව හා අවම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ පා ගමනින් යා යුතු බැවිනි.

දිය ඇලි,මෙන්ම විශාල බැවුම්,කඳු මුදුන් අතරින් ගමට යන මාර්ගය අති සුන්දරය.

එමෙන්ම ස්වභාවික නාන තටාකයන්,ලිස්සා යා හැකි දිය ඇලි,රිසි සේ නැගිය හැකි කඳු, ගොඩැලි හා ස්වභාව දහමේ අපූර්වත්වයෙන් ගස්වැල් වලින් නිර්මාණැය වී ඇති ත්‍රාසය, භීතිය, කුතුහලය හා සතුට ඇතිකරන අවස්තා උදාකරගත හැකි ස්තානයන්ගෙන් පරිපූර්ණ වූ ප්‍රදේශයකි මීමුරය.

දිනයේ බොහෝ වේලාවක් මීදුමෙන් බරව පවතින නිසා මෙයට දුම්බර මිටියාවත ලෙසද හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් කලක් දිස්වන ආකාරයට පිහිටා ඇති බැවින් නකල්ස් යන නාමයද පටබැඳී ඇති බවක් කියැවේ.

නකල්ස් රක්ෂිතයේ පිවිසුම් මාර්ගය ඔස්සේ මීමුරේ ගම්මානය තෙක් ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් ‍ වර්තමානයේ ආරම්බ කෙරුනි. නැතිනම් ගම්වාසීන් හුන්නස්ගිරිය නගරයට පැමිණීමට සහ ආපසු ගමන් කිරීමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථයක් යොදා ගන්නා ලදී.

හුන්නස්ගිරියේ සිට මීමුරේ ගම්මනායට යන ඕනෑම අයෙකුට අතරමගදී මුණගැසෙන ගම්මාන කීපයකි නවනගල/කොබෝනීල/ලූල්වත්ත/අට්ටලවෙට්ටුව/කුඹුක්ගොල්ල/කරඹකැටිය.

අට්ටලවෙට්ටුව නම් ස්ථානය මීමුරේ මාර්ගයේ ඇති සුලං කපොල්ලක් වේ. අටලවෙට්ටුවෙන් අද වන විට තංගප්පුව/උඩිස්පත්තුව/ තෙල්දෙණිය ගම්මාන වලට යෑමට අතුරු මාර්ගයක් දැකගත හැක.

මීමුරේ සංචාරයේ යෙදෙන අයෙකුට කුඹුක්ගොල්ල ගම්මානයෙන් පුරාණ වෙඩිලුණු ගුහාවට මාර්ගය දැකගත හැකි අතර කරඹකැටිය නම් ගම්මාන්යෙන් අළුගල්ලෙනට මාරගය වැටී ඇත.

මීමුරේ ගම්මානයට පැමිණෙන ඕනෑම අයෙකු ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි.

මහා පතාක යෝදයෙක් සේ ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය.

මීමුරේ ගම්මනයේ සංකේතය බදු පරසිදු ලකේගල ඈත අතීතයේ පටන් මීමුරේ ගම ආරාක්ශා කරනා දේවතාවෙකු ලෙස ගම් වැසියන් විස්වාස කරයි.

බටහිර හා වයඹ දිශානුගතව විහිදෙන්නේ තවත් සුප්‍රකට කඳු වැටියක්‌ වන තුන්හිස්‌ගල කඳුවැටියයි.

නිරිතදිග සිට දකුණට බරව මීමුරේට දිස්‌වන්නේ අළුගල් ලෙන කඳුවැටියයි.

කඳු හෙල් මත පතිත වන හිරු රැස් විවිධාකාර හැඩතල මවන අතර රාත්‍රී කාලය එළැඹෙත්ම මේ කඳු මුදුන් මතින් මීදුම ගලා එයි.

කිරිගල් පොත්ත, ගොම්බානිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල, ඇදිරි ගල , යහන් ගල ආදි වශයෙන් මී මුරේ වටා නැඟී හිඳින කඳු වැටි ගණනාවකි.

මීමුරේ ගම්මනයෙන් තරමක් වනයට තුලට වන්නට සුදෝ සුදු පෙණකැටි නංවමින් පහලට රූටා වැටෙන දිය ඇලි ගනනාවකි.

ඔයබොක්ක දියකැරැල්ල , දලුක්ගොල්ල , ගලමුදුන අහස්ගව්ව ඇල්ල , කලුපහන පිණිසිළු ඇල්ල , ඔයබොක්ක සේදමල් ඇල්ල , කළුකැලේ ගල්තුඩු ඇල්ල මේ අතර මූලික වේ.

සුදු ජාතිකයින් කන්ද උඩරට ආක්‍රමණය කළ සමයේ රාජසිංහ රජුට සැඟව සිටීමට සැලසුම් කළ, මීමුරේ ඉදිකොට ඇති වරිච්චියෙන් සකස් කළ මැද මිදුලක් සහිත ඉපැරැණි නිවෙස අදටත් මෙහි දක්නට ඇත.

රජුගේ පැමිණීමට පෙර, ආරක්ෂාව පතා බිසෝවරු දෙදෙනකු මී මුරේ වෙත පැමිණි අතර ඔවුන්ට දිය නෑම සඳහා ඉදිකළ කටු පඳුරේ ළිඳ අදටත් ගම්මානයේ පවතී.

එකල මෙම ළිඳ වටා විශාල කටු පඳුරු සහිත පවුරක් සකසා තිබු බැවින් එය ‘කටු පඳුරේ ළිඳ’ නමින් ව්‍යවහාර විය. අදට ද ගම්මුන් ඒ ළිඳ හඳුන්වනුයේ එනමිනි.

රාජසිංහ රජු, මීමුරේ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එහි ආරක්ෂාව හොඳින් සැලසුම් කළ පසුය.

ගම්මානයට ඇතුළුවන තැන මංකඩ සතරක් ඉදිවූයේ ඒ සඳහාය. ‘රුප්පේ’ නමින් හැඳින්වෙන මෙම ස්ථානවල මුරකරුවන් දිවා රෑ රැකවලෙහි යෙදිණි. සියල්ල එසේ සැලසුම් කළ ද රජුට මී මුරේ එන්නට ලැබී නැත.

ඒ එන්නට පෙර අධිරාජ්‍යවාදීන් රාජසිංහ රජු අත්අඩංගුවට ගත් බව සැළවිණි.

එහෙයින් අදත් බොහෝ දෙනකුගෙන් වසන් වූ දුම්බර කඳු වළල්ලෙන් වට වූ ස්වභාවික අධි ආරක්ෂිත කලාපයක් වන මීමුරේ රසවත් අතීත ඉතිහාසයක නොබිදුනු තෝතැන්නක් වේ.

පවුල් සියයක්‌ පමණ දිවි ගෙවන මීමුරේ, ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙම ගම්මානය සේම, දන්දෙණිකුඹුර, කයිකාවල, ගලමුදුන, උඩගල දෙබොක්‌ක, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කරම ගම්මාන ලෙස අපට හදුනාගත හැකිය.

ගම්මානය තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කෙරුණු රමණීය වෙල්යාය ද, කඳු මුදුනින් ගලාවිත් මුළු ගම්මානයම සරු කරමින් පහලට ගලා බසින මී ඔය නොහොත් දිමිගල් ඔයද දැකිය හැක.

ඉහත කී මී ඔය හැවනිවල නම් ස්ථානයේදී කයිකාවල ගම්මානය හරහා පල්ලම් බැස එන පුස්සෙ ඇල හෙවත් කයිකාවල ඔය හා එක් වෙයි.

ඉන් පසු හීන් ගග ලෙසට ගම්මානයෙන් ඊසාන දෙසට පල්ලම් බසිනුයේ මහවැලි නදියට ජලය සපයන ප්‍රධාන අතු ගංගාවක් ලෙසටය.

මී ගස අසලම ඇති මීමුරේ කනිෂ්ඨ පාසලද , ඉහල කුඹුරේ කෙලවරට වන්නට තිබෙන කුඩා දේවාලයද , කුඩා වෙලද සැල් දෙකද , එන අතරමග පිහිටි කුඩා පන්සලද මීමුරේදී දක්නට ලබෙන සුවිශේශි ස්ථාන වේ.

මිමුරේ සිටින ගම් වැසියන් ස්වයංපෝෂිත පිරිසක් වේ.කුඹුරු ගොවිතැන අවුරුද්දට බොහෝවිට එක කන්නයක් පමණක් සිදුකර අනෙක් කන්නයේ බෝංචිද අතුරු බෝග ලෙස කුරහන්, තල, මෙනේරි, මිරිස්, බඩඉරිගු ආදියද කිතුල්පැණි හා හකුරු නිශ්පාදනය බොහෝවිට අපට දැකගත හැකිය..

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here