Saturday, April 26, 2025

මරක්කල ඇල්ල

Published:

මරක්කල ඇල්ල කළුවල ඇල්ල නමින්ද හැඳින්වෙයි. රිංගමපොල දියපාරෙන් මැවෙන ඇල්ල හෙට්ටිකන්දෙන් ඇවිත් නාරංගොඩ හා බුලත්වත්ත කඳු අතරින් ඇඳහැලෙයි.

මෙම ඇල්ල, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් 3ක් පමන වන්නට පිහිටා ඇත. උස මීටර් 6ක් හෝ 7ක් පමන වේ. උසින් අඩු උවද මෙම ජල පහර බෙහෙවින් අලංකාරය.

මේ ඇල්ල පහල තියෙන දියවල කළුවල නමින් හැඳින්වෙන අතර ඒ හා බැඳුනු කතා පුවතක් ඇත. කලකට කලින් මරක්කල නමින් හැඳින්වෙන මුස්ලිම් ජාතික තරුණයෙක් මෙතැන මාළු අල්ලන්න ඇවිත් රාත්‍රිය නිදිවරමින් බීමත්ව ගතකරපු මේ තරුණයා මාළු අල්ලන නූල ඔහුගේ කකුලේ ගැටගහගෙන සිට ඇත. දිය වලේ හිටි විශාල ආ‍ඳෙක් මේ නූලට අහුවෙලා තරුණයා ඇදගෙන වතුරට ගිය බව පවසයි. ඉන් ඔහුගේ ජීවිතය අහිමි වීමත් සමඟ මෙම ඇල්ල ” මරක්කල ඇල්ල ” නමින් නම් වී ඇත.

ගම්වාසීන්ගේ විශ්වාසයන්ට අනුව මේ දිය වලේ තාමත් බිලිගැනීම් සිදුවෙනවා.

දියපාර වැටෙන ගල දිගේ ලිස්සලා පහලට එන්න පුළුවන් තරම් සිනිදුවට තමා මේ ගල තියෙන්නේ. කොහොම වුනත් මේ තැන විශාල වශයෙන් විනෝද වෙන්න පුළුවන් තැනක්.

ඒ වාගේම දියපාර වැටෙන තැන යට ගුහාවකුත් තියෙනවා යන්තම් දෙන්නෙකුට විතර ඉන්න පුළුවන් එතැන බොහෝම විනෝදජනක තැනක්. හැබැයි ඉතින් විනෝද වෙද්දි පරිස්සම් වීමට වගකීමත් විනෝද වෙන ඔබ ම සතු වෙනවා. එක හේතුවක් වෙන්නේ, වතුර පාර දිගේ ගල් එන්න පුළුවන් විතරක් නොවෙයි හිටිගමන් ජලපහර දරුණු වෙන්න පුළුවන්.

විනාශ නොකර බලන්න මේ තැන් අපේ රටේ සුන්දරත්වය නිසාවෙන්ම.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img