” පෙරේත කෙළ, එහෙම නැත්තම් යක්කු කෙළ ගහලා..” යන්න බොහෝ විට අපි කුඩා කලේ දි වැඩිහිටියො කියනවා අහන්නට ලැබී ඇති. ගොයම් ගස් වල, තණකොළ වල කැටිති විදියට තිබුණු සුදුපාට පෙණ පොඩි කාලෙ අපට හදුන්වා දුන්නෙ පෙරේතයෙක්ගේ කෙළ විදියට.

පස්සෙ කාලෙක තේරුම් ගියත් ඒ පෙරේතයො කෙළ ගහපුව නෙවෙයි කියලා, ඇත්තට ඒවා මොනව ද ?
ශාක වලින් නිපදවන දෙයක් ද? යන්න හොයලා බලන්න හිතුනද?
Spittle bug


එහෙමත් නැත්තම් Leafhopper / Froghopper nymph.
ඕනි තරම් මේ පෙණ ගුලි දැකල තිබුණත් මීට කලින් මේ සතාව දැකලා තියෙනවද? . ඊටත් වඩා විශේෂයි මේ සතාගෙ ජීවිතය.
Cercopoidea කියන්නෙ විශේෂ 3000කට වැඩියෙන් ඉන්න කෘමී පවුලක්. හාල් ඇටයක ප්‍රමාණයේ ඉදන් රටකජු ඇටයක ප්‍රමාණය දක්වා ප්‍රමාණයන්ගෙන් විවිධත්වයක් දක්වන මෙයාලා සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ Spittlebug එහෙම නැත්නම් Froghopper විදියට.
Spittlebug කියන්නෙ Froghoppers ලගෙ එහෙම නැත්ත්නම් Leafhoppers ලගෙ කීට අවධිය.


මෙයාල පෝෂණයය වෙන්නෙ ශාකවල සයිලම ද්‍රවය (Xylem fluid/sap) උරාබීමෙන්. මේවා තුළ අන්තර්ගතය වෙන්නේ ජලය. කීට අවධියෙ පසුවෙන සතෙක්ට පෝෂණය හුගක් අවෂෝෂණය කරගන්න වුවමනා වෙනවා.
ඉතින් මේ සත්වයන්ට අවශ්‍ය පෝෂණය ලබාගැනීමටනම් වැඩි ප්‍රමාණයක් ජලය පමණක් අන්තර්ගත නිසා සයිලෝම ද්‍රව නොසෑහෙන්න ආහාරයට ගන්නට සිදුවෙනවා.
දිනයක් ඇතුළත උගේ බර මෙන් 300 ගුණයක පමණ xylem sap ප්‍රමාණයක් මෙම සතුන් ආහාරයට ගන්නවා. ඒක හරියට මනුස්සයෙක් කිලෝ 21000 ක කෑම දවසින් කනවා වගේ වැඩක්.
ඉතින් ඒකයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අර විශාල පෙණ ගුලි තණබිම් වල, කුඹුරු සහ වෙනත් වගා වල හැමතැනම දකින්න ලැබෙන්නේ. සතාව හරියකට ඇහැටවත් පේන්නෙ නැති වුණාට ඒ පිටකරන බහිස්‍රාවී ද්‍රව්‍යනම් හොදින් දකින්න පුලුවන් තරම් විශාලයි.
ඇත්තටම මේ පෙණ වලින් මේ පුංචි සතා කූඹින් වැනි විලෝපීන්ගෙන් වගේම විජලනයවීමෙනුත් ආරක්ෂා වෙනවා.

අප්‍රේල්, මැයි කාලවල මොවුන් බිත්තරයෙන් එලියට එනවා. කෙසේ නමුත් උන්නතාංශය මීටර 100කින් වැඩිවෙන සෑම භූගෝලීය පිහිටීමකදීම මෙම කාලය දින 4,5 ක් පමණ කාලයකින් වැඩිවෙන බවත් සොයාගෙන තියෙනව.
Spittlebug කෙනෙක්ට සුහුඹුලෙක්, ඒ කියන්නෙ Froghopper කෙනෙක් වෙන්න යන්නෙ සති පහක් හෝ අටක් පමණ කාලයක්. ආරම්භක වර්ණය කොළ වර්ණය වන අතර වර්ධනයත් සමගම දුඹුරු හෝ අළු පැහැයකට පරිවර්තනය වෙනවා. ඒ එක්කම පිහාටු සහ පැනීමට උපකාරී වන පසුපස ගාත්‍ර යුගලයේ වර්ධනයත් මැනවින් කැපී පේන දෙයක්.

විශාල වශයෙන් ශාකවල ද්‍රවයන් උරා බිව්වත් මේ සතුන්ගෙන් ශාක වල පෝෂණයට සැලකිය යුතු හානියක් වන්නේ නැහැ.
නමුත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ශාක විශේෂ 560කට පමණ මාරාන්තික බැක්ටීරියා විශේෂක් වන Xylella fastidiosa නම් බැක්ටීරියාව මේ සතුන්ගේ මුඛ මාර්ගයෙන් පැතිරී යාමයි.

මෙම බැක්ටීරියාව සෘජුවම ක්‍රියාත්මක වන්නේ සයිලෝමයට හානිකිරීමෙනුයි. Spittlebug කෘමීන් විසිනුත් සිදුරු කරන්නේ ඒ සයිලෝමය ම යි.

ඉතින් Xyella බැක්ටීරියාව සයිලෝමය තුළට ඇතුලුවී ඒ තුළ ඇතිකරන බැක්ටීරියා කොලනි නිසා ශාක සයිලෝමය හරහා සිදුවන සියලු සංසරණ කටයුතු ඇණහිටිනවා. එහෙම ගහක යුෂ උරාබොන තවත් Spittlebug කෙනෙක් එම බැක්ටීරියාවේ ප්‍රවාහකයා ලෙස නැවත ක්‍රියාකරනවා. බොහෝමයක් කෘෂිකාර්මික කටයුතු වලදී මෙම රෝගය විශාල ප්‍රශ්නයක්.
මෙච්චර කාලයක් යක්කු කෙළ ගහලා කියලා පරම්පරා ගාණක වැඩිහිටි මිනිස්සුන්වත් රවට්ටපු පෙරේත කෙළ වල ඇත්තම කතාව මෙයයි.