බෙල්වුඩ් තියෙන්නේ මහනුවර ඉඳලා අම්පිටිය හරහා තලාතුඔය පහුකරලා මොරගොල්ල පාරේ 20km වගේ දුරකින්.
Bellwood view point එකට බස් එකේ යනවනම් ලේසිම විදිය ශ්‍රියාගම, කිරිමැටිය නැත්තන් ගලහ බස් එකක යන එක තමයි.
පලවෙනි බස් එක තියෙන්නේ උදේ 7ට.
මේ බස් ඔක්කොම නවත්තන්නෙ මහනුවර බෝගම්බර prison park එක ලඟ.

අපි පැයක විතර ගමනකින් පස්සෙ බෙල්වුඩ් වලින් බැස්සා.
එතන ඉදල 2km විතර පයින් යන්න ඕනේ view point එකට.
වාහනේකින් යනවනම් carpet පාරෙන් වැව ලඟට යනකන් යන්න පුලුවන්.
පයින් එකේ යනවනම් ලස්සන ෆයිනස් ගස් පිරුණු කැලේ මැද්දෙන් යන්න පුලුවන්
නුවර අවට මෙච්චර ලස්සන පරිසරයක් දැක්කෙ මෙහෙ තමයි.
දන්නෙම නැතුව පැයක විතර ගමනකින් පස්සෙ අපි මුතුකෙලියාව වැව ලඟට ආව.
වැවෙන් උඩ තමයි view point එක තියෙන්නෙ.
Offroad වාහනයක්නම් view point එක උඩටම යන්න පුළුවන් .

අපි හිමින් සැරේ view point එක උඩට ගියා.
එතනට නුවර තියෙන ජලාශ ගොඩක් එක්ක ලස්සනම ලස්සන view එකක් තියෙනව
තවත් උඩට ගියාම ෆයිනස් වලින් පිරුනු ලස්සන පරිසරයක් තියෙනවා.
එතනට මුතුකෙලියාව වැවයි , view point එකයි ගොඩක් ලස්සනට පේනවා
වැවේ නාන්න පුලුවන් කියලත් කටිටිය කියනවා, හැබැයි ඒ වැවට වැටුනොත් අඩිගානක් යට තමයි නවතින්නෙ. ඒ හින්ද වැවේ නාන්න යන්න එපා.
නාන්න පුලුවන් සෝක් පීල්ලක් වැවට යන අතරමග පාරෙ තියෙනව
ආ අනිත් දේ තමයි අමතක නොකර හවස 4 වෙද්දි ආපහු පාරට ඇවිත් ඉන්න මොකද ගලහ town එකෙන් බෙල්වුඩ් හරහා යන අන්තිම බස් එක 4ට එනවා.










