Saturday, April 26, 2025

ඇමේසන් ගංගාව

Published:

එය ලෝකයේ විශාලතම ගංගාව වන අතර නයිල් , යැංසි සහ මිසිසිපි යන ගංගා තුනකට වඩා ජලය අඩංගු වන අතර පෘථිවියේ දියර ආකාරයෙන් ඇති මිරිදිය ජලයෙන් පහෙන් එකක් පමණ රැගෙන යයි.

ඇමේසන් හි ලෝකයේ විශාලතම ජල ද්‍රෝණි ය ඇත. එය වර්ග කිලෝමීටර බිලියන 7.4 ක් පමණ වන අතර බ්‍රසීලය හරහා දිවෙන කලාපය පමණක් එයට ගණන් ගනී.

2007 ,2008 දී බ්‍රසීලියානු සහ පේරු පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනවලින් පෙන්නුම් කෙරේ එය ලොවම දිගම ගංගාව බවයි. 2010 දී එය ප්‍රකාශ කළ මුත් එහි සත්‍යතාව හරියටම සදහන් නැත. එහි නවතම දිග ලෙස සදහන් කර තිබුණේ කිලෝමීටර් 7062 ක් බවයි.

ඇමසන් අතු ගංඟා සියල්ලම ද කිලෝමීටර් 1000 ට වඩා දිගින් යුක්තය.

ගංගාවේ පළල එහි පහළ ප්‍රදේශයේ දී කිලෝමීටර් 1.6 සිට 10 අතර වේ. නමුත් එය කිලෝමීටර් 240 ක් පළලකින් යුත් පුළුල් මෝයකින් ගංගාව අත්ලන්තික් සාගරයට ඇතුළු වේ. මෙම මෝය ඔස්සේ කොතරම් ප්‍රබල ජල පහරක් සාගරය වෙත එක්වෙනවා ද , කිවහොත් මෝය කටේ සිට කිලෝමීටර් 150 ක් පමණ වන තෙක් සාගර ජල සංයුතියේ මිරිදිය හා කරදිය ජලය සමග සම සමව පවතී.මෙහි විශාලත්වය නිසාම මුහුදු ගංග ලෙසද හැඳින්වේ. එසේම මෙය පෘථිවියේ විශිෂ්ඨතම ස්වභාවික නිර්මාණයක් බවද කිව යුතුය.

උපුටනයක්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img