නැවක සමබරතාවය ආරක්ෂා කරගන්න, නැව තුළ විවිධ පැතිවල පිහිටා තිබෙන ජල ටැංකි මුහුදු වතුරෙන් පිරවීම සහ අවශ්‍ය අවස්ථා වලදී ඒවායින් ජලය පිටකිරීමේ ක්‍රියාවලිය බැලස්ටිං සහ ඩී- බැලස්ටිං මෙහෙයුම කියා හඳුන්වනු ලබනවා…
ඉතිං නැව් සඳහා මෙම බැලස්ටිං සහ ඩී-බැලස්ටිං මෙහෙයුම් වැදගත් වන්නේ ඇයි කියලා පොඩ්ඩක් දැනගනිමු…

විශේෂයෙන්ම නැවක් භාණ්ඩ ප්‍රවාහනය නොකරන අවස්ථාවලදී එම නැවේ ස්ථාවරත්වය, සමතුලිතතාවය සහ නිසි බර පවත්වා ගැනීම සඳහා නැවක බැලස්ට් ටැංකි තුළ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් මුහුදු ජලය රඳවාගැනීම බැලස්ටිං ක්‍රියාවළිය මගින් සිදුකරණු ලබයි…
De-ballasting කියන්නේ ප්‍රතිලෝම ක්‍රියාවලිය වන අතර, එමගින් නෞකාවේ බර සහ සමබරතාවයට අවශ්‍ය පරිදි නැවෙන් ජලය මුදා හැරීමයි… මෙම මෙහෙයුම් ආරක්ෂිතව සහ ඉතාමත් පරිස්සමෙන් කිරීම නැවේ සමබරතාවය සඳහා ඉතාමත් වැදගත් වෙයි…

විශේෂයෙන්ම නැව් වරායවල නවතා භාණ්ඩ මෙහෙයුම් කිරීම් සිදුවන අවස්ථාවලදී හෝ රළු කාලගුණික තත්ත්වයන් යටතේ ගමන් කිරීමේදී මෙම Ballasting ක්‍රියාවළිය නැව ස්ථාවර කිරීමට, එය කෙළින් තබා ගැනීමට සහ ගමනේදී නිසි උපායමාර්ග ගැනීමට උපකාරී වෙයි…
මේක උදාහරණයක් විදියට කියනවානම් නැවකින් භාණ්ඩ බාන විට, එම බාණ්ඩ තිබුණු පැත්ත සැහැල්ලු වන අතර එහිදී නැව අස්ථාවරත්වයට ගොදුරුවීමට පටන්ගනියි… අන්න ඒ අවස්ථාවේදී නැවේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සහ අධික ලෙස අනෙක් පැත්තට බරවීම වැළැක්වීම සඳහා භාණ්ඩ අඩුවන පැත්තේ ඇති ටැංකිවලට ජලය එකතු කිරීමෙන් එහි නැති වූ බර සම කිරීම සඳහා බැලස්ටිං ක්‍රමය උපකාරී වෙයි…

ඒ හා සමානව එහි අනෙක් පැත්ත වන්නේ නැවක් බඩු පටවන විට අධික බර පැටවීම නිසා, නැව ජලයේ ගැඹුරට ගිලී යාම සහ පැතිවලට බරවීම වළක්වා ගැනීම සඳහා ඒ ඒ පැතිවල ඇති ටැංකිවල තිබෙන ජලය ක්‍රමාණුකූලව ඉවත් කිරීම ඩී-බැලස්ටිං කිරීමයි… එයත් එම අවස්ථාවන්වලදී පර්ස්සමෙන් සහ අනිවාර්‍යෙන්ම සිදුකිරීම අත්‍යාවශ්‍ය වෙයි…
ඒ විතරක් නෙවෙයි නැවක් නොගැඹුරු වරායන් වෙත ඇතුළුවන විට හෝ ඇල මාර්ගවල ගමන් කිරීමේදී හෝ අයහපත් කාලගුණය තත්වයන් යටතේ හැසිරවීමේදී එම තත්වයන්ට අවශ්‍ය පරිදි නිසි බැලස්ටිං සහ ඩී-බැලස්ටිං කිරීම අත්‍යාවශය කරුණකි… ඒ වගේම බැලස්ට් මෙහෙයුම් වැරදිලෙස කළමනාකරණය කිරීම නැවක් භයානක ලෙස අනතුරුවලට පත්වීමට හෝ පෙරළී යාමට පවා හේතු විය හැක…
මීට අමතරව ඇති තවත් ප්‍රධානම කරුණක් වන්නේ නැව් තුල රඳවාගෙන යන මෙම බැනැවක සමබරතාවය ආරක්ෂා කරගන්න, නැව තුළ විවිධ පැතිවල පිහිටා තිබෙන ජල ටැංකි මුහුදු වතුරෙන් පිරවීම සහ අවශ්‍ය අවස්ථා වලදී ඒවායින් ජලය පිටකිරීමේ ක්‍රියාවලිය බැලස්ටිං සහ ඩී- බැලස්ටිං මෙහෙයුම කියා හඳුන්වනු ලබනවා…

ඉතිං නැව් සඳහා මෙම බැලස්ටිං සහ ඩී-බැලස්ටිං මෙහෙයුම් වැදගත් වන්නේ ඇයි කියලා පොඩ්ඩක් දැනගනිමු…
විශේෂයෙන්ම නැවක් භාණ්ඩ ප්‍රවාහනය නොකරන අවස්ථාවලදී එම නැවේ ස්ථාවරත්වය, සමතුලිතතාවය සහ නිසි බර පවත්වා ගැනීම සඳහා නැවක බැලස්ට් ටැංකි තුළ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් මුහුදු ජලය රඳවාගැනීම බැලස්ටිං ක්‍රියාවළිය මගින් සිදුකරණු ලබයි…
De-ballasting කියන්නේ ප්‍රතිලෝම ක්‍රියාවලිය වන අතර, එමගින් නෞකාවේ බර සහ සමබරතාවයට අවශ්‍ය පරිදි නැවෙන් ජලය මුදා හැරීමයි… මෙම මෙහෙයුම් ආරක්ෂිතව සහ ඉතාමත් පරිස්සමෙන් කිරීම නැවේ සමබරතාවය සඳහා ඉතාමත් වැදගත් වෙයි…
විශේෂයෙන්ම නැව් වරායවල නවතා භාණ්ඩ මෙහෙයුම් කිරීම් සිදුවන අවස්ථාවලදී හෝ රළු කාලගුණික තත්ත්වයන් යටතේ ගමන් කිරීමේදී මෙම Ballasting ක්‍රියාවළිය නැව ස්ථාවර කිරීමට, එය කෙළින් තබා ගැනීමට සහ ගමනේදී නිසි උපායමාර්ග ගැනීමට උපකාරී වෙයි…
මේක උදාහරණයක් විදියට කියනවානම් නැවකින් භාණ්ඩ බාන විට, එම බාණ්ඩ තිබුණු පැත්ත සැහැල්ලු වන අතර එහිදී නැව අස්ථාවරත්වයට ගොදුරුවීමට පටන්ගනියි… අන්න ඒ අවස්ථාවේදී නැවේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සහ අධික ලෙස අනෙක් පැත්තට බරවීම වැළැක්වීම සඳහා භාණ්ඩ අඩුවන පැත්තේ ඇති ටැංකිවලට ජලය එකතු කිරීමෙන් එහි නැති වූ බර සම කිරීම සඳහා බැලස්ටිං ක්‍රමය උපකාරී වෙයි…

ඒ හා සමානව එහි අනෙක් පැත්ත වන්නේ නැවක් බඩු පටවන විට අධික බර පැටවීම නිසා, නැව ජලයේ ගැඹුරට ගිලී යාම සහ පැතිවලට බරවීම වළක්වා ගැනීම සඳහා ඒ ඒ පැතිවල ඇති ටැංකිවල තිබෙන ජලය ක්‍රමාණුකූලව ඉවත් කිරීම ඩී-බැලස්ටිං කිරීමයි… එයත් එම අවස්ථාවන්වලදී පර්ස්සමෙන් සහ අනිවාර්‍යෙන්ම සිදුකිරීම අත්‍යාවශ්‍ය වෙයි…
ඒ විතරක් නෙවෙයි නැවක් නොගැඹුරු වරායන් වෙත ඇතුළුවන විට හෝ ඇල මාර්ගවල ගමන් කිරීමේදී හෝ අයහපත් කාලගුණය තත්වයන් යටතේ හැසිරවීමේදී එම තත්වයන්ට අවශ්‍ය පරිදි නිසි බැලස්ටිං සහ ඩී-බැලස්ටිං කිරීම අත්‍යාවශය කරුණකි… ඒ වගේම බැලස්ට් මෙහෙයුම් වැරදිලෙස කළමනාකරණය කිරීම නැවක් භයානක ලෙස අනතුරුවලට පත්වීමට හෝ පෙරළී යාමට පවා හේතු විය හැක…
මීට අමතරව ඇති තවත් ප්‍රධානම කරුණක් වන්නේ නැව් තුල රඳවාගෙන යන මෙම බැලස්ට් ජලය සමහර මුහුදු කළාප සහ දේශගුණයන් යටතේ පාරිසරික තර්ජන ඇති කළ හැකි වීමයි… මන්ද එය එක් කලාපයකින් රැගෙන එන මුහුදු ජලය තවත් කලාපයකට පැමිණ මුදාහැරීමේදී එම මුදාහරින කළාපයේ සාගරයේ ඇති මුහුදු පැළෑටි වලට සහ එහි ජීවත්වන ජීවීන්ට එමගින් දරුණු බලපෑම් එල්ලවිය හැකියාවක් තිබීමයි… ඒ නිසා සියළුම නැව් සඳහා බලපවත්නා බැලස්ට් ජල කළමනාකරණ සම්මුතියන් සහිත ජාත්‍යන්තර රෙගුලාසි මගින් බැලස්ට් මෙහෙයුම් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අවශ්‍ය කරුණකි…
උ.ගැ – ධම්මික සමරතුංග –