Sunday, April 27, 2025

මහවැලි ගඟ වැඩිම උසකින් හිර කරන් ඉන්න යෝධයො 8 දෙනා

Published:

මහවැලි ගඟ වැඩිම උසකින් හිර කරන් ඉන්න යෝධයො 8 දෙනා ගැන අහල තියෙනවද….
…..වික්ටෝරියා වාන් දෙරටු පෙල…..

වාන් දොරටු ගැන කතා කලොත් එක වාන් දොරක ඉදිරිපස කොටසේ බර ටොන් 25 ක් වෙන අතර පසුපස කොටසේ බර ටොන් 26 යි.. අමතර ටොන් 1 බර හයිඩ්‍රොලික් ජැක් එකක් අධාරයෙන් බාර් 45-60 අතර ප්‍රමාණයක පීඩනයක් යොදා ගෙන බලෙන් තියාගෙන රඳවාගනී.. මේ වාන් දොරටු 8 ම ඉහත කී මට්ටමට හිර කරන් ඉන්න අවශ්‍ය හයිඩ්‍රොලික් ඔයිල් ප්‍රමාණය ලීටර් 9000 ක්. මුහුදු මට්ටමේ සිට අඩි 438 ට ආවොත් වාන් දෙරටු අංක 1-2 දොරටු 70cm ස්වයංක්‍රීයව ඇරෙන අතර. තව සෙන්ටි මීටර් 4ක් water level එක වැඩි වුනොත් 3-4 වාන් දොරටු සෙන්ටි මීටර් 70ක් විවෘත වේ…

ඒ ආකාරයට වතුර මට්ටම වැඩි වෙන ආකාරය අනුව පිලිවෙලින් වාන් දොරටු 8 ටම සෙන්ටි මීටර් 70 බැගින් විවෘත වූ නමුත් ජලාශ වතුර මට්ටම වැඩි වෙමින් පවතී නම් නැවත 1-2 වාන් දොරටු පිලිවෙලින් සෙන්ටි මීටර් 70-250-470-900 දක්වා වාන් දොරටු 8 ම විවෘත වේ. මේ උපරිමයට වාන් දොරටු විවෘත වූ පසු තත්පරයට ඝණ මීටර් 5000 ක අති විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදා හරියි.

සටහන :- කසුන් එන් නරසිංහ

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img