
සොනාලි බෙන්ද්‍රෙ 90 දශකයේ අහිංසකාවිය ලෙස හැඳින්වුනා. ඇය සිනමා තිරයේ රඟපාපු චරිත බොහෝ විට එයට හේතු වෙන්න ඇති. ඒ වගේ ම පුද්ගලික ජීවිතයේ දී ඈ බොහොම නිහඬ, සාමකාමී, එතරම් සමාජශීලී නොවන කෙනෙක්. ඈ ගැන පහුගිය දවස් වල තිබ්බ එක්තරා රියැලිටි වැඩසටහනක දී අසන්නට ලැබෙනවා. මේ කතාව කියන්නේ කරීශ්මා කපූර්.


” මම සොනාලි එක්ක එකට වැඩ කරන්න සම්බන්ධ වුනේ හම් සාත් සාත් හේ චිත්‍රපටයේ දී. ඒ 1999 වසරේ. මූලින් ම මට එයාව හම්බුනාම මං එයා එක්ක යාළු වෙන්න ගොඩක් උත්සහ කරා. ඒත් එයා වැඩි කතාබහක් ඇත්තෙම නෑ. අපි වැඩ කරන තැන දි වුණත් එයා ශූටින් ඉවර වුන ගමන් පැත්තකට වෙලා පොතක් කියවනවා.
මම , තබ්බූ, සල්මාන්, සායිෆ්, නීලම් ජී.. ඇපි හැමෝම විහිළු කර කර, එක එක ගේම්ස් කර කර විනෝද වෙනවා. හැමෝගෙන්ම අයින් වෙලා මේ සොනාලි කොහෙදෝ අයිනකට වෙලා ඉන්නවා විතරක් නෙවේ අපි දිහා බලන්නෙවත් නෑ.
පොතේමයි ජීවිතේ..” – කරිශ්මා කපූර්
ඒක සත්‍යයක්. ඇගේ මුළු ජීවිතේම තිබ්බෙ පොතේ. සොනාලි කියන්නෙ පොත් පිස්සියක්. ඒ නිසාම ඇගේ ගෙදර ලොකු පොත් එකතුවක් තිබුනා. ඒක පුස්තකාලයක් තරමට පොත් එකතුවක්. කොටින්ම කිව්වොත් ගෙදර ලොකු පුස්තකාලයක්.

දිල් හේ දිල් මේන්, සර්ෆරෝශ්, හම් සාත් සාත් හේ වගේ චිත්‍රපට වල මේ සොනාලි පොත් අතින් ගත්තු දර්ශණ තිබුණා. ඒ ඇත්තටම සොනාලි කියව කියව හිටිය පොත්. යන හැමතැනක ම පොතක් අතේ තියාගෙන යන එක එයාගේ සිරිත.
මේකේ කතාව වෙන්නේ පොත් කියවන එක එයාට ජීවිතය දරා ගන්න උපකාරයක් වුන එකයි. ඒකට හේතුව තමයි, පහුගිය කාලෙ සොනාලිට දරුණු පිළිකාවකින් පීඩා විඳින්න සිද්ධ වුනා. ඒ කාලෙත් හිතේ ඇතිවෙන පීඩනය, බලාපොරොත්තු කඩවිම්, බිඳවැටීම් හැම දේම දරාගත්තෙ පොත් හින්දා කියලයි සොනාලි කියන්නෙ.


සොනාලි පොත් කියවන්නියක් වගේම ලියන්නියක්. ඒ වගේම සොනාලි ඔන්ලයින් බුක් ශෙල්ෆ් එකකුත් පවත්වාගෙන යනවලු රසිකයින් වෙනුවෙන්.
කොහොම නමුත් දැන් ඈ සෑහෙන දුරකට සුවය ලබා අවසන්.
ළඟකදී සොනාලිගේ ඉන්ස්ටග්‍රෑම් සටහන මෙසේය, ‘‘ඊළඟ පොත නිවේදනය කිරීමට කාලයයි! පහුගිය ටිකේ ටික වෙලාවක් ගියා, මොකද මගේ ඇස් පෙනීම අර කීමෝ එක නිසා අමුතු දේවල් කරන නිසා ටික දවසක් යනකන් කියවන්න බැරි උනා. ටිකක් කලබල වුණා, නමුත් දැන් නැවතත් සියල්ල හොඳයි!