Saturday, April 26, 2025

නත්තල් සමයේ යළි ජීවමාන වූ ජේසුස් වහන්සේ

Published:

උදාවන අසිරිමත් නත්තල නිමිත්තෙන් ස්විස්ටර්ලන්තයේ කිතුනු බැතිමතුන් වෙනුවෙන් AI තාක්ෂණය හරහා අපූරු අත්දකීමක් නිර්මාණය කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ලුසර්න් නගරයේ ඉපැරණි කුඩා දේවස්ථානයක් Ai මඟින් නිර්මාණය වුණ ජේසුස් වහන්සේගේ අනුරුවකට බැතිමතුන් හට තම පව් පාපොච්චාරණය කිරීමට ඉඩ සලසා දී තිබෙනවා.
මෙම නිර්මිත ජේසුස් පාපෝච්චාරණයන් අසා සිටිනවා සේම ආගමානුකූල ව පිළිතුරු ලබා දීම ද සිදුකරයි.

එම අත්දැකීම ලබා ගත් අය අතර “මගේ දේවල් ගැන මට නැවත තහවුරු කිරීමට ඔහුට හැකි වුණා. “ඒ වගේම මට තිබුන ප්‍රශ්න වලට එයා මට උදව් කළා.”

“එය යන්ත්‍රයක් වුවද, එය ක්‍රිස්තියානි දෘෂ්ටි කෝණයකින් ද මට බොහෝ උපදෙස් ලබා දුන්නේය. මට සැලකිල්ලක් ඇති බවක් දැනුනා වගේම මම පිටතට ආවේ සැහැල්ලු බවකින්” ආදී අදහස් ඇත.

ඇත්තෙන්ම , එය ජීවමාන ජේසුස් වහන්සේ සම්මුඛ වනවා හා සමාන බව මෙයට සම්බන්ධ වූ බොහෝ දෙනා පවසති. මේ හේතුවෙන් බොහෝ සංචාරක කිතුණු බැතිමතුන් පවා ලුසර්න් නගරය වෙත ඇදී එන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

“Deus in Machina” ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් පවසන්නේ එය කෘතිම බුද්ධියේ සන්දර්භය තුළ අධ්‍යාත්මිකත්වය ගවේෂණය කිරීම අරමුණු කරගත් පර්යේෂණාත්මක කලා ස්ථාපනයක් බවයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img