Saturday, April 26, 2025

ඉන්දියානු සිනමා ඉතිහාසයේ, දැවැන්තම මලයාලම් චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේදී!!!

Published:

මලයාලම් සිනමා කර්මාන්තයේ සිටින වැඩිම රසික ආකර්ෂණයක් සහිත නලුවන් දෙදෙනා වන්නේ මෝහන්ලාල් සහ මම්මුටි යි. වර්තමාන ඉන්දියානු සිනමාවේ ප්‍රවීණතම ශිල්පීන් දෙදෙනෙකු වන ඔවුන්ගේ චිත්‍රපට කෝටි සිය ගණනින් ආදායම් උපයනවා.

නමුත් මෑතකාලයේදී, ඔවුන් දෙදෙනාවම එක් චිත්‍රපටයකින් දැක ගන්නට රසිකයින්ට අවස්ථාවක් ලැබුනේ නැහැ. දිගු කලකට පසුව මෝහන්ලාල් – මම්මුටි එක්ව රංගනයේ යෙදෙන චිත්‍රපටයක රූගත කිරීම් දැන් ආරම්භ වී තිබෙනවා.

විශේෂත්වය වන්නේ එම රූගත කිරීම් සිදු වන්නේ ශ්‍රී ලංකාවේදී වීමයි. පසුගියදා එහි නලු නිලියන් මෙරටට පැමිනි අතර දින 15කට අධික කාලයක් තිස්සේ මෙරට රූගත කිරීම් සිදු කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් නාරායන් විසිනුයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img