Saturday, April 26, 2025

ලොව විශාලම න්‍යෂ්ටික සබ්මැරිනය

Published:

(Typhoon)

මිනිසා විසින් නිපදවන ලද වස්තූන් අතරින් සාගර ගැඹුරෙහි ගමන් කරන සබ්මැරිනයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. සබ්මැරිනය සාගර පාරිසරික ගවේශන සහ යුධමය වශයෙන් බාවිතා කරන අතරම මිනිසා විසින් නිපදවන ලද භයානකම අවි ඇතුලත් සාගරයේ දැවැන්තයන් ලෙස සබ්මැරින හැඳින්වුවහොත් ඔබ ඊට එකඟ වනවාට කිසිඳු සැකයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පළමු වතාවට ඔවුන්ගේම න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවනු ලැබුවේ වරෂ 1954 දීය. එය USS Nautilus ලෙස නම් කර ඇත. මෙම න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවීමත් සමග ඉන්ධන යොදා ගැනීම පිළිබඳ ගැටලුවට පිලිතුරු ලැබුනා පමණක් නොව යුරේනියම් 235 සමස්ථානිකය කිලෝ ග්රෑම් 4 ක් වැනි සුළු ප්‍රමාණයක් දහනය කිරීමෙන් සැතපුම් ලක්ෂකට වඩා ධාවනය කිරීමේ හැකියාවද ලැබුනි.

* න්‍යෙෂ්ටික සබ්මැරින ක්‍රියාකාරිත්වය

ලොකයේ විවිධ රටවල් විසින් සබ්මැරින් නිපදවන නමුදු වරථමානයේ රුසියාව සබ්මැරින් නිපදවීමේ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම ඇති රාජ්‍යයකි. 1976 – 1989 කාල වකවානුවේ රුසියාවේ සෝවියට් සමුහාණ්ඩුව පැවති සමයේ එරට නිපදවා ඇති සබ්මැරිනය සුවිශේෂි ස්ථානයක් ගෙන ඇත. නේටෝ සංවිධානය මෙයට ලබාදුන් නම ‘ටයිපූන්’ වේ. මෙම ටයිපුන් ක්ලාස් (Typhoon class) වරගයේ සබ්මැරින රුසියානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කරනු ලබයි. 1976 සිට 1989 දක්වා කාලය තුළ ටයිෆූන් වර්ගයේ සබ්මැරීන හයක් ඉදිකරන ලදී. මුලින් සබ්මැරීන නම් කර ඇත්තේ හල් අංක වලින් පමණි.මෙම රුසියානු (Typhoon class) සබ්මැරිනය ඉතාම ශක්තිසම්පන්නව නිපදවා ඇත. එහි හල්එක හෙවත් වටේ ඇති ආවරණය ස්ථර තුනකින් සමන්විත වන අතර, මේ සඳහා ඉතා ශක්තිමත් ලොව මිල අධික ලෝහයක් වන ටයිටේනියම් යොදාගෙන ඇත. මෙම න්‍යෂ්ටික සබ්මරිනය අති දියුුණු තාක්ෂණයකින් ක්‍රියා කරමින් චන්ද්‍රිකා(satellite) සමග දත්ත හුවමාරු කරගැනීම , දිය යට සිට බැලස්ටික් මිසයිල ප්‍රහාර සතුරු රටවලට එල්ල කිරීම වැනි කටයුතු කිරීමේ හැකියාව ඇත. මෙම සබ්මැරීනයට යුරේනියම් ස්වල්පයක් දහනය කොට සැතපුම් ලක්ෂ ගණනක් ගමන් කිරීමේ හැකියාවද පවතී.

# අපි දැන් බලමු කොහොමද මේ න්‍යෂ්ටික

සබ්මැරීන ක්‍රියා කරන්නේ කියල.

මෙය න්‍යෂ්ටික විදුලි බලාගරයක ක්‍රියාත්මක වන ආකාරයටම ක්‍රියා කරන අතර මේ සඳහා යුරේනියම් 235 සමස්ථානිකය යොදා ගැනේ. න්‍යෂ්ටික බලශක්තිය නිපදවනු ලබන්නේ යුරේනියම් පරමානු බිදීමෙනි. මෙම ක්‍රියාවලිය විකරණය හෙවත් fපිෂන් (Fission) ලෙස හදුන්වනු ලබයි. මෙහිදී සිදුවන්නේ යුරේනියම් නමැති අධික ශක්තියක් ගැබ්වී ඇති විකිරණශීලී ද්‍රව්‍ය ඉන්ධන ලෙස යොදා ගනිමින් එමගින් විදුලිය නිපදවීමයි. එසේ විදුලිය නිපදවීමේදී සිදුවන්නේ යුරේනියම් න්‍යෂ්ටියට න්‍යුට්‍රෝනයකින් පහර දීමයි. එහි ඇති ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන ගැලවීගොස් වෙනස්ම මූලද්‍රව්‍ය සාදයි. එමෙන්ම තවදුරටත් හැදෙන න්‍යුට්‍රෝන නැවත යුරේනියම් න්‍යෂ්ටි වල ගැටෙමින් තවත් න්‍යුට්‍රෝන නිපදවේ. සිතාගත නොහැකි ඉතාම කෙටි කාලයකදී නැවත නැවත සිදුවන මෙම ක්‍රියාදාමය මගින් යුරේනියම් සතුව පවතින ශක්තිය, තාපය සහ විකිරණ ලෙස මුදාහැරේ. මෙසේ පිටවන අධික තාපය මගින් මුහුදු ජලය රත්කරමින් ජල වාශ්ප බවට පත්කර එම ජලවාශ්ප බට මාරගයෙන් රැගෙන ගොස්, එමගින් ගලාගෙන යන ජල වාෂ්ප (ස්ටීම් fප්ලෝ) වලට බාධාවක් (ප්‍රතිරෝධයක්) ඇතිකිරිම මගින් ඇතිවන පීඩනය උපයෝගි කරගෙන ස්ටීම් ටරබයින් එන්ජින් එක භ්‍රමණය කරනු ලැබේ. එය දණ්ඩක්(ශාප්ට් එකක්) ආදාරයෙන් සම්බන්ධ කර ඇති ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමෙන් විදුලිය උත්පාදනය කරනු ලැබේ. න්‍යෂ්ටික බලයෙන‍් නිපදවෙන තාපය උපයෝගි කරගෙන ‘ස්ටීම් ට(ර්)බයින්’ දෙකකින් මෙම සබ්මැරිනයේ හෙට්ලරස් කරකැවීම සිදුවේ. න්‍යෂ්ටික බලයෙන් පනගැන්වෙන (Typhoon class) ටයිපූන් වරගයේ සබ්මැරිනයට අශ්වබල 1,36,800 ක් නිපදවිය හැකි න්‍යුක්ලියර් රිඇක්ටර් දෙකකින් බලය සපයනු ලබන අතර, මෙහිදී නිපදවෙන සම්පූරණ බලය අශ්වබල 2,73,600 ක් පමණවේ.

# යුධමය හැකියාව

මෙම සබ්මැරිනයේ ප්‍රධානතම අවිය බැලස්ටික් මිසයිල වන අතර, ටො(ර්)පිඩෝ වලින්ද සන්නද්ධ වේ. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තවත් තැනකට මිසයිල එල්ල කලහැකි ආකාරයේ මහද්වීපික බැලස්ටික් මිසයිල 24ක් ද මෙහි ඇතිබව වාරතාවේ. එබැවිින් ලොව ප්‍රධාන නගර 24ක් ඕනෑම මොහොතක න්‍යස්ටික ප්‍රහාර එල්ලකර විනාශ කිරීමේ හැකියාව රුසියාවේ ටයිපුන් ක්ලාස් සබ්මැරිනය සතුව පවතී. තවද ටො(ර්)පිඩෝ වැනි යුධ නෞකා නාශක මිසයිල විශාල සංඛ්‍යාවක් ගබඩා කර තිබෙන ලෝකයේ දැනට ඇති ප්‍රබලම සබ්මැරිනය රුසියාව සතුව පවතී. Typhoons හට ඔවුන්ගේ නැව් තටාකවල නැංගුරම් ලා තිබියදී පවා ඔවුන්ගේ දිගු දුර න්‍යෂ්ටික මිසයිල යෙදවීමටද හැකියාව පවතී.

සබ්මැරිනය තුලින් පිටවන මිසයිල, මුහුද අභ්‍යන්තරයේ සිට මතුපිටට ගමන් කිරීමේදී ඒවා ගබඩා කර තිබෙන කුටීරයතුල අධික පීඩනයකට ලක් කරමින් එකවර මුදාහරී. එසේ නිදහස් වීමේදී මිසයිලය ජලයෙන් මතුපිටට තල්ලුවේ. එසේ ජල‍යෙන් මතුපිටට පැමිණි විගස මිසයිලයේ රොකට් එන්ජිම ක්‍රියාත්මක වීමෙන් අදාල ඉලක්කය කරා ගමන් කරයි.නිවැරදි ඉලක්කය සඳහා චන්ද්‍රිකා සහ GPS තාක්ෂණය භාවිතා කරනු ලැබේ.

Typhoon-class සබ්මැරීනවල බහු පීඩන බඳන් ඇතුළත් වන අතර එමඟින් යාත්‍රාව සාමාන්‍ය සබ්මැරීනයකට වඩා පුළුල් වන අතර අභ්‍යන්තර සැලසුම සරල කරයි. මෙම (Typhoon class) වරගයේ සබිමැරිනය ඇතුලත කාරයමණ්ඩලය 160 කට සුව පහසු ලෙසින් ගමන් කිරීමට හැකිවනවා පමණක් නොව, කිසියම් හේතුවකින් සබ්මැරිනය දෙකට කැඩුනහොත් නැවියන්ට ආරක්ෂාකාරි ලෙස සිටිය හැකිවන අයුරින් මෙය නිපදවා තිබීම තවත් විශේෂත්වයකි. ඇතුලත සියළු පහසුකම්වලින් සමන්විත වන අතර, ව්‍යායාම සඳහා ව්‍යායාම මධ්‍යස්ථාන, පිහිනුම් තටාක ආදියද මෙයට අන්තර්ගතය. එමෙන්ම දින 120ක් හෝ ඊට වැඩි කාලයක් මුහුද යට එකදිගට මෙහෙයුම් කිරීමේ හැකියාව ඇත.

මෙහි බර දිය මතුපිටදී ටොන් 28000ක් පමණ වන නමුත්, මුහුද යටදී බර ටෙන් 40000ක් පමණ වේ. දිග මීටර් 175ක් වන අතර පළල මීටර් 22කි. සබ්මැරිනයේ උස මීටර් 12කි. තවද මීටර් 900ක් (අඩි 3000) යට ගැඹූුරු මුහුදේ කිමිදීමේ හැකියාව පවතී. තවද, ජලය මතුපිටදී උපරිම වේගය නොට් 22.2 ක් වන අතර වතුර අභ්‍යන්තරයේදී නොට් 24 ක වේගයෙන් ගමන් ගැනීමේ හැකියාව ඇත.

මෙම Typhoon -class වරගයේ සබ්මැරීන නිපදවීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් වරෂ 2010-2011 සිට Boeri-class (බොරේ ක්ලාස්) සබ්මැරීන ලෙසින් ප්‍රතිස්ථාපනය කර ඇත.

# සබ්මැරීනයක කාරය මණ්ඩලයට හුස්ම

ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් ඔක්සිජන් ලබා ගන්නේ කෙසේද…‍

සබ්මැරිනයට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සඳහා ජල විද්යුත් විච්ඡේදනය ලෙසින් හැඳින්වෙන ඔක්සිජන් නිපදවීම සඳහා පැරණිතම හා සරලම තාක්ෂණය උපයෝගි කර ගනිමින් මුහුදු ජලය විද්‍යුත් විච්චේදනයට ලකිරීමෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට වියෝජනය කිරීම සිදු කෙරේ. විද්යුත් විච්ඡේදනය කිරීමේ ක්රියාවලියට පෙර, ජලයෙන් ලුණු අන්තර්ගතය ඉවත් කිරීම සඳහා ලවණ ඉවත් කිරීම සිදු කරනු ලැබේ. සබ්මැරීනවල සාගර ජලයෙන් ඔක්සිජන් නිපදවන විශේෂ යන්ත්‍ර, තිබෙන අතර ඒවා ඉලෙක්ට්‍රික් ඔක්සිජන් ජෙනරේටර් නමින් හඳුන්වනු ලැබේ. එම යන්ත්‍ර මගින් විදුලිය භාවිතා කරමින් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් හයිඩ්‍රොක්සිල් අයන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු බවට වියෝජනය කරයි. හයිඩුජන් මුහුදට මුදාහරිනු ලබන අතර, ඔක්සිජන් ටැංකි තුලට ඇතුලත් කර ගබඩා කරනු ලැබේ. මෙමගින් පැයකට ඔක්සිජන් ටොන් ගණනක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

මීට අමතරව රසායනික ඔක්සිජන් උත්පාදක යන්ත්‍රයක් (Chemical Oxygen Concentrator) මගින් රසායනික ප්‍රතික්‍රියාවක් හරහා ඔක්සිජන් නිපදවීමද සිදුකෙරේ. මෙය වඩාත් දියුණු, මිල අධික සහ අවදානම් ක්‍රියාවලියක් වන නමුත් සෑම තත්ව යටතේම නියත සැපයුමක් නිපදවිය හැක. මෙය සාමාන්‍යයෙන් ගුවන් යානා, ප්‍රහාරක යුධ නැව්, පතල් සහ අභ්‍යවකාශ යානා වල පවා භාවිතා වේ. එබැවින්, සබ්මැරීන් තාක්ෂණයන් තුළ, මෙය බොහෝ විට යොදවනු ලැබේ.

වරථමානයේ ඉතා දියුණු තාක්ෂණය යොදා ගනිමින් යුධ ශක්තිය අතින් වඩා බලවත් මෙම ටයිපූන් වරගයට වඩා අති නවීනතම සබ්මැරීන රුසියාව විසින් නිපදවා ඇත….

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img