2024 Mr World තරගාවලියේ ශ්‍රී ලංකාව ගැන සුවිශේෂී කතාබහක් ඇති කරන්න මේඝ සූරියආරච්චි සමත් වුණා.
තරගාවලියේ හොඳම ඇඳුමට හිමි National Costume People’s Choice Awards සම්මානය දිනා ගැනීමට මේඝ සමත් වුණා.



Asia & Oceania රටවල් නියෝජනය කරපු අය අතුරින් People’s Choice සම්මානය ජයග්‍රහණය කළ මේඝ, අවසන් 20 දෙනා අතරට ඩිරෙක්ට් කොලිෆයි වුණා.



අනතුරුව අවසන් 20 දෙනා අතුරින් People’s Choice සම්මානය ජයග්‍රහණය කළ මේඝ, අවසන් 10 දෙනා අතරට ඩිරෙක්ට් කොලිෆයි වුණා. නමුත් ඔහුට අවසන් 4 දෙනාට නම් සුදුසුකම් ලැබුවේ නෑ.
මේඝ සූරියආරච්චි මේ දැක්වූ දක්ෂතාවය පිළිබඳ අපි රටක් වශයෙන් ආඩම්බර විය යුතුමයි.
මේඝ, ඔබට අපි හැමෝගෙම සුභ පැතුම්.