පෘථිවියේ වෙන කිසිම තැනකින් හමු නොවන ශාක හා සත්ව විශේෂ වලින් සමන්විත මෙම ප්‍රදේශය, වසර බිලියන දෙකක පමණ අතීතතයක් ඇති, පෘථිවියේ ඇති පැරණිතම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස Mount Roraima සැලකේ.
සියවස් ගණනාවක් පුරා මුළුමනින්ම හුදකලා ලෙස වර්ධනය වී ඇති හෙයින් මෙහි අද්විතීය සත්ව විශේෂ සහ වෘක්ෂලතා ඇත. රොරෙයිමා කන්දෙහි ඇති ශාක හා සතුන්ගෙන් 35% ක් පෘතුවියේ වෙන කිසිදු තැනකින් හමු නොවේ. රොරෙයිමා යනු සැබවින්ම නැතිවූ ලෝකයකි.
Pacaraima කඳු පංතියේ උසම කඳු මුදුන ලෙස Mountain Roraima සලකනු ලැබේ.
මෙහි උස මීටර් 2810 වන අතර කඳු මුදුන වර්ග කිලෝමීටර් 31 පමණ භූමියක්. ( එම නිසා මෙය සානුවක් ලෙස සලකනු ලැබේ.)
(සානුව යනු මුහුදු මට්ටමට සාපේක්ෂව යම් උන්නතාංශයක පිහිටා ඇති තැනිතලා හෝ තැනිතලා ය. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 500 ට වඩා ඉහළින්)



වෙනිසියුලාව, ගයනාව සහ බ්‍රසීලය යන රටවල් අතර පිහිටා ඇති Roraima කන්ද, භූමියෙන් 85% වෙනිසියුලාවට ද 10% ගයනාවට ද ඉතිරි 5% බ්‍රසීලයට ද අයිති වේ. රටවල් තුනම හමුවන ස්ථානයේ ස්මාරකයක් සාදා තිබේ.
මෙය වෙනිසියුලාවේ ග්‍රෑන් සබනා (මහා සවානා) තැනිතලාවේ සිට බැලු විට, අහසේ පාවෙන දූපතක් විශාල දුපතක් ලෙස දර්ශනය වන පැතලි කන්දකි.
සෑම විටම මීදුමෙන් වැසි ඇති නිසා අද්භූත පෙනුමක් ඇති රොරෙයිමා කන්ද, සියවස් ගණනාවක් ස්වදේශීක ජනතාවගේ මිථ්‍යාවන් හා ජනප්‍රවාද වල කේන්ද්‍රස්ථානයකි. පේමන් භාෂාවෙන් ‘රොරොයි-මා’ යන්නෙහි තේරුම ‘විශාල නිල්-කොළ’ යන්නයි. Roraima කන්ද ස්වදේශීය ජනතාව “tepiu” ලෙස හදුන්වන අතර, එහි තේරුම “දෙවියන්ගේ නිවහන” යන්නයි.



ග්‍රෑන් සබනාහි ස්වදේශික පේමන් සහ කපෝන් ගෝත්රිකයින්ගේ විශ්වාසයන්ට අනුව, ලෝකයේ සියලුම පළතුරු සහ එලවළු රඳවා තබා ගන්නා බලවත් ගසක් ග්‍රෑන් සබන මත තිබී ඇත. මකුනයිමා නම් මිථ්‍යා කපටියෙක් එය කපා දමා දරුණු ගංවතුරක් මුදා හැරියේය. පැතලි රොරෙයිමා කන්ද යනු මෙම ගස කැපීමෙන් පසු ඉතිරිව ඇති දෙයයි.
Roraima කන්දෙහි දිය ඇලි කිහිපයක් ඇති අතර ඒවා සාමාන්‍යයෙන් Roraima ඇලි ලෙස හදුන්වයි. මෙයට දිනපතා වර්ෂාව ඇද හැලෙන නිසා එමගින් දිය ඇලි නිර්මාණය වේ.
වෙනිසියුලාවේ කැනෙයිමා ජාතික වනෝද්‍යානයේ ගිනිකොනදිග කෙලවරේ

Roraima කඳු මුදුන පිහිටා ඇති අතර කන්ද තරණය කීරිම සදහා දින 3ක්(up + down, 6 days) පමණ ගත වන අතර, කඳු නැගීම ආරම්භ කිරිමට සිදු වන්නේ වෙනිසියුලාවේ Santa Elena ප්‍රදේශයේ සිටය.