Saturday, April 26, 2025

බතලේගල

spot_img

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා තිබෙන බතලේගල කියල කියන්නේ හයික් එකක් යන්න කියාපු ඉතාමත් සුන්දරම තැන්වලින් එකක්.

බතලේගල කඳු රාශියකින් වට වූ හුදකලා කන්දක් විදියට තමයි තියෙන්නේ. එක පැත්තකින් අලගල්ල, තවත් පැත්තකින් ඌරා කන්ද, තවත් පැත්තකින් හන්තාන මෙන්ම අම්බුලුවාවත් අනිත් පැත්තෙන් උතුවංකන්ද හා සරදියල්ගලත් පිහිටා තිබෙනවා.

මුහුදු මට්ටමේ ඉදල මීටර් 670ක් උසින් පිහිටා තිබෙන බතලේගල දිගටි හැඩේ කන්දක්. එක කෙළවරක ගල් කැබැල්ලක් පිහිටා තිබෙන අතර අවට පරිසරය ඉතා හොදින් විඳ ගන්න ඒක හරි අපූරු තැනක්. අනිත් කෙලවරේ තියෙන්නේ ගල් ගුහාවක්. ඒක ඇතුලේ වතුර පිරුණු ළිඳකුත් තියන නිසා රැයක් ගත කරනව නම් වතුර ගැන බය වෙන්න දෙයක් නෑ.. ඒ වගේම ස්වාමින් වහන්සේ නමක් භාවනා කරන නිසා ගල්ගුහාව හරියෙ යද්දි නිශ්ශබ්දව යන්න අපි වගබල ගන්න ඕන.

ඉතිං ඔන්න බතලේගල යන්න ඉන්න කට්ටිය රැයක් එතන ගත කරන්න බලාපොරොත්තු වෙනවනම් එතන ඉන්න ස්වාමින් වහන්සේගෙන් අවසර ගන්නත් අමතක කරන්නෙපා. ඒ වගේම පරිසරය රැකගැනීමත් අපේ වගකීමක්.

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here