Sunday, April 27, 2025

ලංකාව ඉස්සර කොහොමද

Published:

ශ්‍රී ලංකාවේ සිතියම් විවිධ කාල වකවානුවල දිස් වු අයුරු.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාව, අග්නිදිග ආසියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවතී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,000 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුරකට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත් පැරණිතම ලියකියවිලි ලෙස

* මහාවංශය,

* දීපවංශය

* චූලවංශය

වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ පටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ.

මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සිදු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img