ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු වාර 03 කදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් එක් දුර්ලභ අවස්ථාවක් තිබෙනවා.

1988 වසරේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පර්ත් පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මර්වි හියුස්ට මෙම දුර්ලභ අවස්ථාව උදා වුණා.
කොදෙව්වන් පළමු ඉනිමට කඩුලු 07 ක් දැවී ලකුණු 440 ක් ලබා සිටියා. හියුස් ක්‍රියාත්මක කළ පන්දු වාරයේ අවසන් පන්දුවට කර්ට්ලි ඇම්බ්‍රෝස් දැවී ගියා. මීළඟ පන්දු වාරය සඳහා හියුස් පන්දුව අතට ගන්නා විට කොදෙව් ඉනිම 449/9 යි.
හියුස් සිය ප්‍රථම පන්දුවෙන්ම පැට්‍රික් පැටර්සන්ගේ කඩුල්ල දවා ගත්තා. ඒ අනුව කොදෙව් ඉනිම අවසන් වුණා.
ඕස්ට්‍රේලියා පළමු ඉනිම 395/8

කොදෙව් දෙවැනි ඉනිමේ මර්වි හියුස් ක්‍රියාත්මක කල පළමු පන්දුවෙන්ම ගෝර්ඩර් ග්‍රිනිජ් ලකුණු නොලබා දැවී ගියා.
ඒ අනුව පළමු ඉනිමේ පිට පිට දවා ගත් කඩුලු දෙකත් දෙවැනි ඉනිමේ ග්‍රිනිජ්ගේ කඩුල්ලත් සමග මර්වි හියුස් පන්දුවාර 03 කදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වුණා.

මෙම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 169 කින් පරාජය වුවත් මර්වි හියුස් (5/130, 8/87) තරඟයේ වීරයා බවට පත් වුණා.