Saturday, April 26, 2025

සෙම්බුවත්ත

spot_img

මාතලේ ඉදන් 20Km ක දුරින් පිහිටා ඇති ඇල්කඩුව නම් ප්‍රදේශයේ පිහිටා ඇති මේ වැව ස්වාභාවික දිය උල්පත් යොදා ගනිමින් මිනිසුන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මෙය අද වන විට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයක් වෙලා.
වැව නිර්මාණය කිරීමට පෙර මෙම ස්ථානය සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩා කිරීමට යොදා ගත් ක්‍රීඩා පිටියක් වන අතර පසු කාලීනව තේ වගා කිරීමත් එක්කම 1949 වර්ශයේදී මේ අසළ තේ කම්හලක් ආරම්භ කරලා තියෙනවා ඉතින් එහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනීමේ අරමුණින් තමයි ස්ථානයේ වැවක් නිර්මාණය කරලා තියෙන්නේ.

ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවත් එම සෙම්බුව මෙහි වැඩ කල අයෙක් රැගෙන ඉන්දියාවට පලා ගිය බවත් අතීත ජනප්‍රවාදවල සදහන්ව ඇත.

තේ කම්හල වැසී ගොස් අවුරුදු ගනනකින් පසුව, 2005 වර්ශයේදී තමයි මෙම ස්ථානයේ සංචාරක කලාපයක් නිර්මාණය වෙන්නේ.

ගැඹුර අඩි 30-40 වන නිසා මෙම වැවේ නෑමට සුදුසු නොවේ. (දිය නෑමට ස්වභාවික තටාකයක්ද මෙහි නිර්මාණය කර ඇත.)

ෆයිනස් කැලයකින් හා තේ වතු වලින් වට වූ ප්‍රදේශයක් නිසාය. වැසි දින වල මීදුමෙන් වැසී යන මේ ප්‍රදේශය මාරම ලස්සනයි.

ගමන් මාර්ගය තරමක් දුශ්කරයි.. මොකද වලවල් සහිත දුශ්කර පාරකින් තමයි යන්න තියෙන්නේ.

සෙම්බුවත්තේ යනවනම් ඔබට රු. 300 ටිකට් පතක් මිල දී ගන්න වෙනවා වගේම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණයි සිටීමට අවස්ථාව තියෙන්නේ.

තවද කේබල් එකක ගමන් කිරීමට , Boat Ride, ස්වභාවික නාන තටාකයක නෑමටද, කුඩා දරුවන් සඳහා ක්‍රීඩා පිටියක්ද මෙහි නිර්මාණය කර ඇත….

චායාරූප මුල් හිමිකරුවන් සතුයි

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here