Sunday, April 27, 2025

ශ්‍රීපාලි සරසවි සිසුවියන්ගේ නාන දර්ශන වීඩියෝ කළ සැකකරු දැලේ

Published:

හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන් ගෙන සිටින විශ්වවිද්‍යාල සිසුවියන් 14 දෙනෙකුගේ නිරුවත් නාන දර්ශන ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝගත කළ දෙදරු පියෙකු සිසුවියන් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

මිල්ලනිය පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කුලී වැඩවල යෙදෙන සැකකාර පුද්ගලයා මෙම නිවසේ වැඩ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයකු වන අතර, පෙරේදා (29) බලු කූඩුවක් සෑදීමට නිවැසියන් මෙම පුද්ගලයා ගෙන්වා තිබූ බවද පොලීසිය සඳහන් කරයි.නාන කාමරයට පිටතින් සුළං කවුළුව අසල ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වන අයුරු සිසුවියක් දැකීමෙන් අනතුරුව නාන කාමරයෙන් පිටතට පැමිණ අනෙකුත් සිසුවියන්ද දැනුවත් කර තිබේ.
අනතුරුව ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන එය පරීක්ෂා කර බැලීමේදී එම සිසුවිය නාන දර්ශනයක් එහි පටිගත වී තිබී ඇතැයි සිසුවියගේ ප්‍රකාශියකින් අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.

ජංගම දුරකථනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී අනෙකුත් සිසුවියන් නාන කාමරයෙහි රැඳී සිටින දර්ශනද එම ජංගම දුරකථනයේ පටිගතව තිබෙන අයුරු දැකීමෙන් අනතුරුව dows. එය සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනයෙන් ඉවත් කිරීමට එම සිසුවියන් විසින් කටයුතු කර, සැකකරු ද ඔවුන් භාරයට ගෙන පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබිණි.

එම සැකකරු මීට පෙර අවස්ථා පහකදී විවිධ වැඩ කටයුතු සඳහා මෙම නිවස වෙත පැමිණ තිබූ අතර, එලෙස පැමිණි අවස්ථාවලදී නාන කාමරය තුළ කිසිවකු රැඳී සිටින ශබ්දය ඇසීමෙන් අනතුරුව ජංගම දුරකථනය හොර රහසේ සුළං කවුළුව අසල තබා නිරුවත් දර්ශන පටිගත කළ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි. සැකකරු සමග පොලිස් භාරයට ගත් දුරකථනය පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව තවදුරටත් පරීක්ෂා කිර්මේදී එහි ප්‍රතිචක්‍රී බඳුන පරීක්ෂා කිරීමේදී නාන කාමරයේ දර්ශන රැසක් අඩංගුව ඇතත්, සිසුවියන්ගේ නිරුවත් දර්ශන එහි ගැබ්ව නැතැයි ද, ඒ හේතුවෙන් සැකකරු විසින්ම එම දිනවලම ඒවා මකා දමා ඇතැයිද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img