Sunday, April 27, 2025

නාරාහේන්පිට මහල් නිවාසයකින් වැටී තරුණිය් මරුට

Published:

නාරාහේන්පිට , කිරිමණ්ඩල මාවතේ, ඇක්වේරියා රෙසිඩන්ස් සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයේ 9 වැනි මහලේ ඉහළ පිහිටි නාන තටාකය අසල සිට පහළට වැටීමෙන් ගෘහ අලංකරණ ශිල්පිනියක පෙරේදා (29දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.

කොළඹ 8, කොටා පාර, කල්දේරා ගාඩන්ස්හි පදිංචිව සිටි ලෝරා ඉමාෂා ඩෙන්සි(29) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.ඇය පෙරේදා(29) එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ඇයගේ ඡායාරූප කිහිපයක් මහල් නිවාස සංකීර්ණයේ 9 වැනි මහලේ ඉහළ නාන තටාකය අසලට ගොස් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇති බව එම ආරක්ෂකයන් සිදු කළ ප්‍රකාශවලින් අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

මියගිය තරුණිය මීට මාස කිහිපයකට ඉහතදී මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවසක් කුලී පදනම මත ලබා ගෙන තනිව ජීවත්ව ඇති බවට සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.ඇය මත්පැන් භාවිත කරන බවත්, මානසික ආතතියෙන් සිටි බවත් ඇගේ මව පොලීසිය හමුවේ ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබේ. අදාළ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථාන පරීක්ෂණයක් හා මෘත දේහ පක්ෂාවක් සිදු කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණ වෛද්‍යවරයාට නියෝග කොට ඇත.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img