Saturday, April 26, 2025

ලංකා T10 පැවැත්වෙන දවස

Published:

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු ටී ටෙන් (T Ten) ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය දෙසැම්බර් 12 සහ 22 අතර පැවැත්වීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟය සහ දෙසැම්බර් අගදී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරඟාවලිය අතරතුර ඇති දින 11ක කාලයේයි.

මෙම තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් එක් කර ගැනීමටයි සංවිධායකයින් අපේක්‍ෂා කරන්නේ.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩකයින් ද එක්වීමට නියමිතයි. 

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img